අයිපීඑල් බලන්න ආ ශාරුක්ට හදිසි අසනීප තත්වයක් - ගෞරි එක්ක ජූහි චව්ලාත් එයි

බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් විජලනය සහ උෂ්ණ ආඝාතය හේතුවෙන් අහමදාබාද්හි KD රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරඟය නැරඹීමට අහමදාබාද් නුවරට පැමිණ සිටි අතරතුරයි SRK මෙලෙස රෝගී වී ඇත්තේ.
කිං ඛාන් සමඟ ඔහුගේ දියණිය සුහානා ඛාන්, බාල පුත් අබ්‍රම් සහ කළමනාකාරිනී පූජා දද්ලානි ද එක්වී තිබෙනවා.
කෙසේ වෙතත් සුපිරි නළුවා ප්‍රතිකාර සඳහා අහමදාබාද්හි KD රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශාරුක් ගේ බිරිඳ ගෞරි ඛාන් සහ ඔහුගේ ළඟම හිතවතියක් වන බොලිවුඩ් නිළි ජූහි චව්ලාද සුව දුක් විමසීමට රෝහලට පැමිණි බව සඳහන්
බොලිවුඩ් නිළි ජූහි චව්ලා සහ ඇගේ සැමියා, කිං ඛාන් ශාරුක් සමග ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියට ක්‍රීඩා කරන කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ සම හිමිකරුවන් වනවා.
488 Views
Comments