“ඇයගේ ඉක්මන් නිදහස් ආගමනය අපි සැමගේම ප්‍රාර්ථනයයි” - සිර දඩුවමකට ලක්වූ හිරුණිකාගේ ෆේස්බුක් පිටුවට සටහනක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට පසුගිය 28 වැනිදා කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කරනු ලැබුවා.
ඒ, 2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකුව කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදී තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන්.
එලෙස තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් අභියාචනයක් ද ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව අදාළ ඉල්ලීම ලබන 4 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලීමට නියමිත බවයි වාර්තා වූයේ.
මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ෆේස්බුක් පිටුවට සටහනක් එක්කාසු කර ඇති අන්දම දැකිය හැකි වුණා. ඒ ඇයගේ සිරගත වීම සම්බන්ධයෙන්.
සටහන තබා තිබුණේ ඇගේ ෆේස්බුක් පිටුව යාවත්කාලීන කරන ඇඩ්මින් විසින්....
''දෛවයේ ඇතැම් සරදම් කිරීම් හා සොබාදහමට හා නීතියට ගරු කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉකුත් සිකුරාදා දින මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතරට එක් වූවා ය.
සාමාන්‍ය රැඳවියන්ගේ සිරකාවල් තුළම රැඳී සිටින ඈ ඔවුන් සමග සිය හැඟීම් හුවමාරු කරගන්නී ය.
දරුවන්ගේ ආදරණීය මතක හා වේදනා සමසිතින් දරාගෙන ඈ ශක්තිමත්ව සොබාදහමට අනුගත වෙමින් සිටින්නී ය.
ඇයගේ ඉක්මන් නිදහස් ආගමනය අපි සැමගේම ප්‍රාර්ථනයයි.
ඒ වෙනුවෙන් මේ මොහොතේ කතා කරන, ඈ වෙනුවෙන් සුබවාදී සටහනක් හෝ තබන, ඇය වෙනුවෙන්, දරුවන් තිදෙනා,ස්වාමියා,මෑණියන් හා සොහොයුරා නමින් ආශිර්වාද කරන සැමට කෘතවේදීත්වය පළකරමු.
ඇගේ පුනරාගමනය ද, ඔබ වෙනුවෙන් ආදරණීයව පෙනී සිටින, අයුක්තිය අසාධාරණය වෙනුවෙන් හඬ නගන, යුක්තිගරුක හා අවංකභාවයෙන්ම පිරුණු එකක් වන බවද මෙහිලා ශපථ කර සිටින්නෙමු.''
-Admin-
291 Views
Comments