“මට ආචාර්ය දුන්නා දැන් අවුරුදු තුනකට විතර කලින්....” - කතාබහට ලක්වුණු ආචාර්ය උපාධිය ගැන රජිත හිරාන්ගෙන් උත්තර (PHOTOS)

සමාජ මාධ්‍යයේ නිතර එහා මෙහා යන කෙනෙක් නම් ඔබ, අනිවාර්‍යෙන්ම දැකලා ඇති එක එක ''සති'' නිර්මාණය වෙනවා.
සති ???
ඔව් ඔව්... සතියක් විතර කතාවෙන මාතෘකා නිර්මාණය වෙලා තියෙනවා දැකලා ඇති.
එහෙම පටන් ගන්න මාතෘකා පුළුවන් තරම් විවේචනය කරලා, හොඳ කියලා අන්තිමට දෙපැත්තකට බෙදිලා පෝස්ට් හුවමාරු කරගෙන අළුත් මාතෘකාවක් ආව ගමන් අමතක කරලා දානවා.
අන්න එහෙම කතාබහට ලක්වුණු සතියක් ජනප්‍රිය නළු රජිත හිරාන් වෙනුවෙනුත් පහුගිය දවසක නිර්මාණය වෙලා තිබුණා.
ඒ කතාබහට හේතු හදලා තිබුණේ මෙන්න මේ පොටෝව.
ඉතින්, බහුතරයකගේ විවේචනයට ලක්වුණු ඡායාරූපය ගැන රජිත පහුගිය දවසක මේ විදියට අදහස් දක්වලා තිබුණා.
''යාළුවෝ දෙතුන් දෙනෙක් කතා කරලා කිව්වා මෙහෙම ආචාර්ය කෝට් එක දාගෙන වැඩේ යනවා කියලා. මම කිව්වා හා රයිට් නියමයි.
මට ඕක කියාගන්න බැරුව හිටියෙ. මට ආචාර්ය දුන්නා දැන් අවුරුදු තුනකට විතර කලින් කියලා මට ඕක කියාගන්න බෑ.
මම ම මගේ දේ කියාගන්න ගියාම කියනවනෙ තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කියලා.
යෝධයා නිහඬව ඉන්නවා. උත්තර දෙන්න ගියේ නෑනෙ. මෝඩයෝ සෑහෙන්න පිනුම් ගහනවා.
ලෝගුව නෙවෙයි ලෝගුවට ඇතුළෙන් අඳින ඒවා වර්ජනය කළත් මට ඒක ප්‍රශ්නයක් නෑ. මට අදාල නෑනෙ ඒක.
මොකද පොටෝ එකක් නිසා තමන්ගෙ ලෝගුව වර්ජනය කරන තත්ත්වයකට බුද්ධිමතුන් පත්වෙනවා නම්, ඒක බුද්ධිමතුන්ගේ බුද්ධියේ ප්‍රශ්නයක්...''
''ඉස්සරලාම ඇයි කලාකාරයෙකුට හරි රංගන ශිල්පියෙකුට හරි ආචාර්‍ය උපාධියක් පිරිනමන්නේ කියලා ගූගල් එකේ සර්ච් කරන්නකො.
එතකොට හම්බෙනවා කාලාන්තරයක් තිස්සේ එකම වෘත්තියක නියැලීමෙන් ඔහු තුළින් සිදු වූ සමාජ සේවාවන් හා ආදර්ශමත් චරිතය මත මොහුට මේ සම්මානයෙන් මේ ගෞරවයෙන් පිදුම් ලැබිය හැක කියලා.
මේක කලාකරුවෙකුට විතරක් නෙවෙයි ලංකාවේ වඩු කාර්මිකයෙකුට වුණත්,
මේසන් බාස් කෙනෙක්ට වුණත් මේ ආචාර්‍ය උපාධියක් දෙන්න පුළුවන්.
මොකද ඔහු ඔහුගේ වෘත්තිය ඇතුළෙ නිපුණයෙක් නම් ඔහුට ඒ ආචාර්‍ය උපාධියෙන් පිදුම් ලබන්න පුළුවන්.
අධ්‍යාපනයෙන් විශ්වවිද්‍යාලයක ඉගෙනගත්ත කෙනා විතරක් නෙවෙයි උගතා, බුද්ධිමතා, වැදගතා.
වෘත්තිකයො කිව්වාම ඒ හැමෝමත් වැදගත් උගත් බුද්ධිමත්. තමන්ගෙ වෘත්තිය තුළ දක්ෂයෙක්.
මට දෙන දේ මම එපා කියන්නද ජෙප්පො බනියි කියලා...''
රජිත හිරාන් කියනවට වඩා ඔහු වඩාත් ප්‍රසිද්ධ 'පිං පොං' මැයෙන්. ඒ තරමට රජිත මීට සෑහෙන කලකට ඉහත කළ චරිතය මිනිස්සු අතරට ගියා. මිනිස්සු ආදරෙන් වැළඳගත්තා.
''ගොඩක් වෙලාවට කට්ටිය හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ පිං පොං කියන්නෙ ජීවියෙක් නැත්නම් උභය ජීවියෙක්,
නැත්නම් ක්ෂුද්‍ර ජීවියෙක් නැත්නම් ග්‍රහලෝකෙකින් පාත් වෙච්ච ආත්මයක් එහෙම කියලා.
නෑ පිං පොං කියලා කියන්නෙ එක්තරා කාලෙක රඟපාපු චරිතයක නමක්.
මම ඒ චරිතය රඟපාලා දැන් අවුරුදු 24ක් වෙනවා.
මම ඒ චරිතය එදා කරා දැන් ඒක ඉවරයි.
ඒ චරිතෙ තාම ඔළුවෙ තියාගෙන ඉන්නවා කියලා කියන එකට ස්තූතියි....''
(උපුටාගැනීම් යූටියුබ්)
369 Views
Comments