මෙහෙම දෙයක් ඇහෙද්දි අයිස්ක්‍රීම් කන්නත් බයයි - ඉන්දියාවෙන් ඇහෙන ඇඟ හිරිවැටෙන කතාව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

මෙහෙම දෙයක් ඇහෙද්දි අයිස්ක්‍රීම් කන්නත් බයයි - ඉන්දියාවෙන් ඇහෙන ඇඟ හිරිවැටෙන කතාව මෙන්න

මෙහෙම දෙයක් ඇහෙද්දි අයිස්ක්‍රීම් කන්නත් බයයි - ඉන්දියාවෙන් ඇහෙන ඇඟ හිරිවැටෙන කතාව මෙන්න

මුම්බායි හි වෛද්‍යවරයකු හට අයිස්ක්‍රීම් එකක තිබී මිනිස් ඇඟිල්ලක් හමුව ඇති බවට පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

අදාළ සිදුවීමට මුහුණ පෑ 26 හැවිරිදි වෛද්‍යවරයා විසින් ඒ පිළිබඳව ඉන්දීය ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරිය (FSSAI) වෙත පමිණිල්ලක් ද ගොනු කර ඇති බව සඳහන්.

 

ඒ අනුව FSSAI විසින් පූනේ හි පිහිටි එම අයිස්ක්‍රීම් නිෂ්පාදන පරිශ්‍රය පරීක්ෂාවට ලක්කර ඔවුන්ගේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

 

කොහොම නමුත්, වැඩිදුර විමර්ශන සඳහා විකුණුම්කරුගේ පරිශ්‍රයෙන් සාම්පල එකතු කරගෙන ඇති අතර සිදුවීමට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තාව තවමත් ලබා ගැනීමට නියමිතව ඇති බව සඳහන්.

 

සිදුවීමට මුහුණ පෑ වෛද්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ, ඔහුගේ සහෝදරිය තමා බැලීමට පැමිණි අතර එහිදී තමා විසින් ඇප් එකක් හරහා ඇණවුම් කර ගෙන්වූ අයිස්ක්‍රීම් තුනෙන් එකක තිබී මෙලෙස මිනිස් ඇඟිල්ලක් හමු වූ බවයි.

views

265 Views

Comments

arrow-up