“ගොඩක් මහන්සියි.. තනියම ඉටු කරන්න වගකීම් ගොඩක් තියෙනවා” - ප්‍රවීණ රංගන ශිල්පිනි නිල්මිණී තෙන්නකෝන් කියූ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

“ගොඩක් මහන්සියි.. තනියම ඉටු කරන්න වගකීම් ගොඩක් තියෙනවා” - ප්‍රවීණ රංගන ශිල්පිනි නිල්මිණී තෙන්නකෝන් කියූ කතාව

“ගොඩක් මහන්සියි.. තනියම ඉටු කරන්න වගකීම් ගොඩක් තියෙනවා” - ප්‍රවීණ රංගන ශිල්පිනි නිල්මිණී තෙන්නකෝන් කියූ කතාව

දියණියත් එක්ක ගෙවන නිස්කලංක ජීවිතේ ආදරණීය තැන් රසික සමූහයා එක්ක බෙදාගන්න, ප්‍රවීණ රංගන ශිල්පිනි නිල්මිණී තෙන්නකෝන් සිය ෆේස්බුක් පිටුවට අපූරු සටහනක් එක්කාසු කර තිබුණා.

 

එදා නිතර නිතර නිර්මාණවලින් අපේ ඇස් මානයට ආව ගිය ඇය, දැන් නිතර මුණගැහෙන්නේ සමාජ මාධ්‍ය තුළින්.

 

එලෙස තබන සටහන්වලට ලැබෙන ප්‍රතිචාර දැක්කාම හොඳටම පැහැදිලියි ඇය දිනූ ජනප්‍රියත්වය සදාකාලික එකක් බව.

 

''හිතන්න ගොඩක් දේවල් තියෙනවා ගොඩක් මහන්සියි,

තනියම ඉටු කරන්න වගකීම් ගොඩක් තියෙනවා

ඒ හැමදේම කරන්න ඕන

මං මට ආදරෙයි මං මහන්සියෙන් හදාගත්ත නමට ආදරේ

එය ආදරේ දුන්න රසික රසිකාවියන්ට ආදරේ ඒ තමයි මගේ ආදරණීයන්

ඉතින් පරිස්සමෙන් තමන්ගේ ජීවිතය ජයග්‍රහණය කරා යන්න ඕනා

මහන්සියෙන් උපයා ගන්නා හැම දෙයකම වටිනාකම වැඩියි''

 

කාලෙකදි තමන්ගේ ජීවිතේ මුහුණ දෙන්න වුණු ඇතැම් සිදුවීම් එක්ක, පසුනොබැස්ස ඈ දියණියත් එක්ක 'ආදර්ශමත් මවක්' ලෙස සාර්ථකවම ඉදිරියට යන්නීය.

 

ඒ නිසාමයි, ඈට ලැබෙන ආදරේ අදටත් කිසිම අඩුවකින් තොරව ම ලැබෙනුයේ.

 

එය මනාව ප්‍රත්‍යක්ෂ වන ප්‍රතිචාර රැසක් ඉහත සටහනටත් ලැබී තිබුණා.

 

views

346 Views

Comments

arrow-up