සංගාට මොකද මේ වුණේ..? - ජාත්‍යන්තර විචාරකයින්ව පවා පුදුම කරවමින් ලෝක පූජිත අපේ ක්‍රිකට් තරුව කළ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

සංගාට මොකද මේ වුණේ..? - ජාත්‍යන්තර විචාරකයින්ව පවා පුදුම කරවමින් ලෝක පූජිත අපේ ක්‍රිකට් තරුව කළ දේ

සංගාට මොකද මේ වුණේ..? - ජාත්‍යන්තර විචාරකයින්ව පවා පුදුම කරවමින් ලෝක පූජිත අපේ ක්‍රිකට් තරුව කළ දේ

ඔහු ගැන අපේ ක්‍රිකට් ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ වෙනස්ම විදිහකට.

 

කුමාර් සංගක්කාර.. ඒ ජනප්‍රිය ක්‍රිකට් තරුව ගැන අද ඇසෙන්නේ වෙනස්ම කතාවක්.. 

 

ක්‍රිකට් ලොව මවිත කරමින් ලෝක පුජීත සංගක්කාර 3වන පෙළ තරගාවලියක පන්දු යවයි..

 

හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර විසින් පසුගිය ජුනි 1 දින පැවති දී තුන්වන පෙළ තරගයක ( division Three) ක්‍රීඩා කළ බවත් ඒ පිළිබඳව ජාත්‍යාන්තර විචාරකයින් පුදුමයට පත් වූ බවත් වාර්තා වෙනවා.

 

Dorset Cricket League තරගාවලියේ Shillingstone CC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් එම තරගයෙන් ලකුණු 76ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔහු සමත් වුණා.

 

මෙම තරගයේ දී සංගක්කාර ඔහුගේ සුපුරුදු ක්‍රීඩා විලාශයට අවිතීර්ණ වෙමින් පන්දු 50ක දී වේගවත් ලකුණු 68 රැස්කර ගත්තා...

 

මෙහිදී 5 ස්ථානයේ ක්‍රීඩා කළ සංගක්කාර Shillingstone CC පළමු ඉනිමට ලකුණු 177ක් ලබා ගැනීමට උදව් කළා...

 

2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් කඩුලු රකින සංගක්කාර, සියල්ලන් පුදුමයට පත් කරමින් පන්දු යැවු අතර, ඔහු පන්දු වාර හතක දී ලකුණු 32කට 1 කඩුල්ලක් ලබා ගත්තා..

 

2011 වසරේ ඉන්දියාවේ පැවැති ICC පිරිමි එක්දින ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූයේ සංගක්කාරයි..

 

2014 ICC පිරිමි T20 ලෝක කුසලානය දිනාගත් ජයග්‍රාහී කණ්ඩායමේ සමාජිකයෙකි..

 

සංගක්කාර මෙම තරගාවලියේ කෙතරම් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරයි ද කියා ක්‍රීඩා ලොලීන් පුන පුනා බලා සිටින් බව වාර්තා වෙනවා..

 

views

21473 Views

Comments

arrow-up