“මට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය තිබුණේ හයයි තුනයි...” - ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් සිසුවා රටටම දුන් ආදර්ශය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

“මට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය තිබුණේ හයයි තුනයි...” - ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් සිසුවා රටටම දුන් ආදර්ශය

“මට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය තිබුණේ හයයි තුනයි...” - ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් සිසුවා රටටම දුන් ආදර්ශය

නිදහස් අධ්‍යාපනය නමට සීමා නොකර ගුරුවරු විසින් ලබාදුන් එක් අවස්ථාවක් නිසා ජීවිතය ජයගත් දරුවෙකු අපට මොනරාගල බුත්තල ප්‍රදේශයෙන් හමුවුණි.

 

සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අසමත් වීම නිසා අනාගතය අඳුරු වන්නට ගොස් තවත් පාසලකින් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන මෙවර උසස් පෙළ විභාගයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථමයා වන්නට වාසනාව හිමිවූ තිළිණ ධනංජය ගැනයි මේ පුවත.

 

මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය තුළ සිසුවෙකුට හෝ සිසුවියකට උසස් පෙළ අධ්‍යාපනයේ විෂය ධාරාව තෝරාගැනීමට සිදුවන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ඇතැම් විෂයන් අනිවාර්යයෙන් සමත් වුවහොත් පමණි.

 

ඒ, රීතිය හමුවේ, ප්‍රතික්ෂේප වීම් මත අනාගතය වෙනස් වන්නට ගොස්, ලැබුණු එක් අවස්ථාවක් නිසා ජීවිතය එළිය කරගත් සිසුවෙකි ඩී. එම්. තිළිණ ධනංජය.

 

මේ සිසුවා මොනරාගල යුදගනාව විද්‍යාලයෙන් අධ්‍යාපන හදාරා 2020 දී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබුණි.

 

කෙසේවෙතත්, එහි ප්‍රතිඵල මත උසස් පෙළ අධ්‍යාපනය සඳහා ඔහුට බොහෝ පාසල්වලින් දොර විවර නොවීය.

 

ඒ අනුව බුත්තල, පැල්වත්ත මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. එම්. නන්දසේන මහතා ලබා දෙන අවස්ථාවෙන්, තමන් ප්‍රිය කරන ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව ඔස්සේ උසස් පෙළ හදාරන්නට තිළිණට වරම් හිමිවුණි.

 

බොහෝ දුෂ්කරතා මැද උනන්දුවෙන් අධ්‍යාපනය හදාරන තිළිණ පසුගියදා නිකුත් වූ 2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජෛව තාක්ෂණ පද්ධති විෂය ධාරාවේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට සමත් වුණි.

 

"මට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය තිබුණේ හයයි තුනයි...

ගණිතය ෆේල්...වටපිටාව ඉස්කෝල කීපයකට ගියා....

උසස් පෙළ ටෙක් කරන්න තමයි මගේ ආශාව තිබුණේ...

ඔය රිසල්ට් එකට ඔයාට ටෙක් කරන්න බෑ කියලා ඒ ඉස්කෝලේ මාව ප්‍රතික්ෂේප කළා...."

"...අන්තිමට ඕන දෙයක් වෙච්චාවේ කියලා මම පැල්වත්ත නවෝද්‍යා ඉස්කෝලෙට ආවා...."

ඒකේ විදුහල්පතිතුමා මුණ ගැහුණා... පුතා උ.ඹ පේල් වුණේ ගණන් නේ..ඒක උ.ඹේ ජීවිතයෙන් පේන්නේ
නෑ...ඒක නිසා උ.ඹ කැමති විෂයක් මේකේ කරග.නින් කියලා කිව්වා.....

.හැබැයි ඒ ඉන්න ගමන් ගණිතය මට හිමීට පාස් කරලා දෙන්නත් කිව්වා...

ඒ වචන ටික මට මාර හයියක් වුණා...
හිතට ගැම්මක් ආවා...
මං ලොකු සර්ට පොරොන්දුවක් වුණා..
.සර් මම ගණිතය පාස් කරලා දෙනවා වගේම...උසස් පෙළත් හොඳට පාස් වෙලා සර්ගේ නම්බුව
තියෙනවා කියලා... ඒ වෙලාවේ මම ලොකු සර්ට කිව්වා.
අද මට ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න පුළුවන් වුණා...."

 

 

views

301 Views

Comments

arrow-up