“ලෝකයක් ඔයාලට එරෙහි වුණත්, මම ඔයාලගෙ පැත්තෙ ඉන්නවා...” - නංගි වෙනුවෙන් එළියට ආ නිළි උමා අසේනි

තමන්ගෙ නංගිලා, මල්ලිලා වෙනුවෙන් නිරායාසයෙන්ම යෝධ බල යෝධ ශක්තිය එන පිරිසක් තමයි අක්කලා කියන්නෙ.
අන්න ඒ හයිය, මේ වෙද්දිත් සමාජ මාධ්‍ය පුරාම හුවමාරු වන වීඩියෝවක ගැබ්වෙලා තියෙනවා.
එහි කතා නායිකාව වෙන කවුරුත් නෙවෙයි, ජනප්‍රිය නිළි උමා අසේනි.
ඇය ආදරණීය සහෝදර බැඳීම ගැන කාගෙත් හදවත්වලට දැනෙන්න වචන එක්කාසු කරලා තිබුණෙ සිය නැඟණියගේ විවාහය දා.
ඇය කියනවා,
''මුළු ලෝකයක් එයාට විරුද්ධව හිටගත්තත්,
මං ඒ ලෝකයට විරුද්ධව එයාගේ එහා පැත්තේ හිටගන්නවා'' කියලා, නංගි වෙනුවෙන්.
ආදරේ විතරක් ම පිරුණු ඒ සම්පූර්ණ කතාව තමයි මේ.
1121 Views
Comments