“අපි දෙන්නට වෙන් වෙන්න බෑ, අපිට එක ගෙදරක ජීවත් වෙන්න ඉඩ දෙන්න” - සැමියන්ව ප්‍රතික්ෂේප කරමින් හඩා වැටුණු දෙදරු ගුරුවරිය හා දෙදරු මව
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

“අපි දෙන්නට වෙන් වෙන්න බෑ, අපිට එක ගෙදරක ජීවත් වෙන්න ඉඩ දෙන්න” - සැමියන්ව ප්‍රතික්ෂේප කරමින් හඩා වැටුණු දෙදරු ගුරුවරිය හා දෙදරු මව

“අපි දෙන්නට වෙන් වෙන්න බෑ, අපිට එක ගෙදරක ජීවත් වෙන්න ඉඩ දෙන්න” - සැමියන්ව ප්‍රතික්ෂේප කරමින් හඩා වැටුණු දෙදරු ගුරුවරිය හා දෙදරු මව

“අපි දෙන්නට වෙන් වෙන්න බෑ. අපි දෙන්නට එකම ගෙදරක ජීවත් වෙන්න ඉඩ දෙන්න…” යැයි වැලපෙමින් සිය දරුවන් හා ස්වාමිපුරුෂයින් වෙත යෑම ප්‍රතික්ෂේප කළ කාන්තාවන් දෙදෙනකු පිළිබඳ පුවතක් මහනුවර පොලිසියෙන් වාර්තාවේ.

 

මෙලෙස හඬා වැටී ඇත්තේ වයස අවුරුදු විසිනවයක සහ වයස අවුරුදු තිස්පහක දෙදරු මව්වරුන් දෙදෙනෙකි. මෙම කාන්තාවන් දෙදෙනා හට වයස අවුරුදු පහළොවට අඩු දරුවන් දෙදෙනා බැගින් ඇති බවත් ස්වාමි පුරුෂයින් හා දරුවන් පැමිණ කාන්තාවන් ඔවුනොවුන්ගේ නිවෙස් වෙත කැටුව යෑමට උත්සාහ කළ බවත් පොලිසිය පවසයි. එම අවස්ථාවේදී නිවෙස් වෙත යෑම ප්‍රතික්ෂේප කළ මෙම කාන්තාවන් එකිනෙකා වෙන්ව යෑමට නොහැකි බව පවසමින් පොලිසිය තුළ හඬා වැටී තිබේ.

 

වයස අවුරුදු 29ක් වන කාන්තාව ගුරුවරියක් වන අතර ඇය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇත්තේ වයස අවුරුදු 35ක මවකි. මව සිය දරුවා කැටුව පාසල වෙත යෑමේදී ගුරුවරිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබේ. දැනට මාසයක පමණ කාලයක සිට මොවුන් අතුරුදන් වී ඇති බවට ස්වාමිපුරුෂයන් විසින් වත්තල පොලිසියේ සහ කඳාන පොලිසියේ පැමිණිලි කර ඇත.

 

ඉකුත් පළවෙනිදා මෙම කාන්තාවන් දෙදෙනා මහනුවර දළදා මාලිගයට පැමිණ සිටින අවස්ථාවේදී දළදා මාලිගාව පොලිසිය විසින් කාන්තාවන් දෙදෙනාගේ හැසිරීමේ දැඩි අසාමාන්‍යතාවයක් දැක ඔවුන් අත්අඩංගුවට ගෙන මහනුවර පොලිසිය වෙත භාරදී තිබේ. අනතුරුව සිදුකළ පොලිස් පරීක්ෂණ මත වත්තලදී සහ කඳානේදී අතුරුදහන්ව සිටි කාන්තාවන් බව හඳුනා ගනිමින් කළ විමර්ශනවලදී මෙම තොරතුරු හෙළිවී තිබේ. මෙම කාන්තාවන් දෙදෙනාට ම අවවාද කොට ඔවුන් සිය පවුල් වෙත භාර දුන් බව මහනුවර පොලිසිය පවසයි.

views

412 Views

Comments

arrow-up