ලොව ලාබාලතම චිත්‍ර ශිල්පියා වෙමින් ලෝක වාර්තා අතරට ගිය ඝානාවේ “සිඟිති සිත්තරා” (PHOTOS)

'ලොව ලාබාලතම චිත්‍ර ශිල්පියා' හැටියට නිල වශයෙන් පිළිගැනෙන පොඩ්ඩා ගැනයි අපි මේ කියන්න යන්නෙ.
ඔහු ඝානා ජාතික 'සිඟිති සිත්තරෙක්'
තවම යාන්තම් වයස අවුරුදු එක ඉක්මවා ඇති (අවුරුදු 1යි දින 152) මේ පොඩ්ඩා නමින් ''Ace-Liam Nana Sam Ankrah''
ඔහු මේ වන විට ඇදහිය නොහැකි තරම් ජයග්‍රහණ අත්කර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඔහුගේ මව විදෙස් මාධ්‍ය හමුවේ පවසා තිබුණේ පුතාගේ කලාත්මක හැකියාව ගැන තමන් අතිශය ආඩම්බර වන බවක්.
විශේෂත්වය වන්නේ 'චැන්ටෙල් කුකුවා එගන්' නම් මේ සිත්තරාගේ මව ද කලාකාරිනියක වීම.
ඈට අනුව සිය පුත්‍රයාගේ කලාත්මක හැකියාවන් මතුව ඇවිත් තිබුණේ ඔහුට යන්තම් වයස මාස හයේදී පමණ.
''එතකොට ඔහු බඩගානවා. මම චිත්‍රයක් අඳිමින් සිටියේ.
ඔහුට ද කාර්යබහුල වීමට යමක් දිය යුතු නිසා මම කැන්වස් එකක් බිම දිගහැරියා.
තීන්ත ස්වල්පයකුත් ඊට එකතු කළා.
අවසන ඔහු කැන්වසය පුරා තීන්ත ආලේප කළේ ඔහුගේ පළමු විශිෂ්ටතම කලා කෘතිය වන 'The Crawl' නිර්මාණය කරමින්.
එකිනෙකට අනුපූරක වන වර්ණ මොනවාදැයි ඔහු දැනටමත් දනී..''
මේ සිඟිති සිත්තරා 'ලොව ලාබාලතම පිරිමි කලාකරුවා' හැටියට ගිනස් ලෝක වාර්තා පොතේ (GWR) සිය නම සටහන් කරලා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ???
ඔව්.. ඒක තමයි කතාව.
ගිනස් වාර්තා අතරට යන්න නම් සිත්තම් කිරීම පමණක් ප්‍රමාණවත් නොවුණු තැන මේ තරම් අඩු වයසකදී ඔහු ඇඳි සිතුවම් නවයක් ම අලෙවි වනවා.
ඒ ඔහුගේ ම ප්‍රදර්ශනයකදී. මහජනයාට විවෘත වූ ප්‍රදර්ශනයකදී !!
මේ වෙද්දි ඝානාවේ කීර්තිමත් පුද්ගලයෙක් වන Ace-Liam පැංචාගේ ප්‍රියතම ක්‍රියාකාරකම ''පින්තාරු කලාව'' බව සඳහන්.
ඔහු කෙතරම් ප්‍රසිද්ධ වනවා ද යත් ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍යවලින් පමණක් නොව ඝානා ජනරජයේ ජනාධිපති ආර්යාවගේ ද අවධානය දිනාගෙන අවසන්.
මෑතකදී පවත්වා තිබූ Ace-Liamගේ පළමු කලා ප්‍රදර්ශනය, පෙර කී පරිදි වඩාත් කතාබහට ලක්ව තිබුණේ ප්‍රදර්ශනය කළ කලා කෘති දහයෙන් නවයක් ම අලෙවි වීම නිසාවෙන්.
වෘත්තීය ප්‍රමිතියකට අනුව පැවති මෙම ප්‍රදර්ශනය Accra අගනුවර විද්‍යා හා තාක්ෂණ කෞතුකාගාරයේ පැවති බව සඳහන්.
"කලාව සම්බන්ධ සිතියමට ඝානාව ඇතුළත් කිරීමට ඔහුට හැකි වී තිබේ.
සෑම සිතුවමක්ම ඔහුගේ කුතුහලය සහ අලුත් දේවල් සොයාගැනීමේ ප්‍රීතියේ ප්‍රකාශනයකි." පුතුගේ කලාව ගැන මවගේ අදහසයි ඒ.
ගෝලීය ජයග්‍රහණත් එක්ක මේ පොඩ්ඩා වෙනුවෙන් අනාගත සැලසුම් රැසක් දැනටමත් ක්‍රියාත්මක බව සඳහන්.
ඒ අතර "ජාත්‍යන්තර ශිෂ්‍යත්ව අවස්ථා'' පිරිනැමීම විශේෂයි. එමෙන්ම ඔහුගේ කලා කෘති ගෝලීයව අලෙවි කිරීමට ද අපේක්ෂා කරන බව සඳහන්.
මේ කතාවත් එක්ක සිඟිත්තාගේ මව ලබාදෙන පණිවුඩය නම්, කුඩා කල සිටම තම දරුවන්ගේ දක්ෂතා පෝෂණය කිරීමට දෙමාපියන් දිරිමත් කිරීම වැදගත් වන බව.
"සෑම දරුවෙක්ම අද්විතීයයි.
ඔවුන්ගේ ආශාවන් පෝෂණය කිරීම තුළින් විස්මිත සොයාගැනීම් සහ ජයග්‍රහණ කරා ඔවුන්ව ගෙන යා හැකිය"
ඇගේ බලාපොරොත්තුව නම් සිය දරුවා ඝානා චිත්‍ර ශිල්පී Amaoko Boafoගේ අඩිපාරේ ගමන් කරනු ඇති බව.
ඉන් එහාට ජාත්‍යන්තර මට්ටමින් ගත් කල ඇගේ අපේක්ෂාව, පුත්‍රයා අමෙරිකානු කලාකරුවෙකු වන 'ජැක්සන් පොලොක්' සහ එක්සත් රාජධානියේ 'ඩේමියන් හර්ස්ට්' වැනි වීම දැකීමයි.
"ජැක්සන් පොලොක් තම අභ්‍යන්තර දරුවාට වයසට ගිය විට පවා ඔහු සමඟ සිටීමට ඉඩදුන්නා.
ඔහුගේ කාර්යය ජවසම්පන්නයි වගේම ස්වයංසිද්ධයි.
මගේ පුතාගේ වැඩ මම දකින්නෙත් එහෙමයි...''
මේ තරම් කුඩා වයසකින් තමාගේම චිත්‍රාගාරයකට ද හිමිකම් කියන Ace-Liam, ඔහුගේ මීළඟ විශිෂ්ටතම කලා කෘතිය නිර්මාණය කිරීමට සූදානම්ව පසුවන බවයි වාර්තා වෙන්නෙ.
1447 Views
Comments