අනුකම්පාව ගන්න මෙච්චර රඟපෑමක්? - හරියට මොකුත් නොකියා, පාණ්ඩ්‍යා මේ අවදානයද ඉල්ලන්නේ? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

අනුකම්පාව ගන්න මෙච්චර රඟපෑමක්? - හරියට මොකුත් නොකියා, පාණ්ඩ්‍යා මේ අවදානයද ඉල්ලන්නේ? (PHOTOS)

අනුකම්පාව ගන්න මෙච්චර රඟපෑමක්? - හරියට මොකුත් නොකියා, පාණ්ඩ්‍යා මේ අවදානයද ඉල්ලන්නේ? (PHOTOS)

හර්දික් - නටාෂා ප්‍රේම ජවනිකාව, එහෙමත් නැත්නම් දෙන්නගෙ වෙන්වීමක් ගැන පැතිරෙන කතාව දැන් ''ලෝක මට්ටමේ මාතෘකාවක්'' බවට පත්වෙලා.

 

කවුරු කොහොම මේ කතාව ''ප්‍රවෘත්තියක්'' කරගත්තත්, හර්දික් හෝ නටාෂා තවම මුනිවත රකිනවා.

 

යම් යම් හේතු කාරණා පෙන්වා දුන්නාට සෘජුව කිසිම හෝඩුවාවක් දෙන්නගෙන් එළියට ඇවිත් නෑ තවම.

 

දෙන්නා ගැන අවදානෙන් ඉන්න කවුරුත් මේ දවස්වල ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය ගැන ඇහැ ගහගෙන ඉන්නෙ.

 

ඊට අනුව, හර්දික් ''ජාතික රාජකාරිය'' පටන් අරන්.

 

ඔහුගේ ඉන්ස්ටා පෝස්ටුව සමන්විත වුණේ, ක්‍රියාත්මක 'පුහුණු සැසිවලින්'

 

 

එතකොට නටාෂාත් ඉන්ස්ටා ස්ටෝරි කිහිපයක් දාලා.

 

 

නටාෂාගේ යම් යම් හැසිරීම් මත ''ඇය හර්දික්ව හැරගොස් ඇති සෙයකි'' දකින්න ලැබෙන්නේ. (මේ සේරම උපකල්පන)

 

ඒකට ආසන්නතම උදාහරණය වුණේ ඇයව මුම්බායිහිදී දිෂා පටානිගේ පෙම්වතා යැයි කටකතා පැතිරුණු ඇලෙක්සැන්ඩර් එක්ක පැපරාසී කැමරාවලට කොටුවීම.

 

 

මේ කතාවේදී බහුතරය අනුකම්පා කරන්නෙ හර්දික් සම්බන්ධව.

 

හැබැයි ඔය අතර ''The Indian Express'' පෙන්වා දෙන පරිදි මතුව ඇති තවත් කතාවක් තමයි මේක 2024 IPL හි දක්වන ලද අඩු දස්කම් නිසාවෙන්, ඔහු වෙතත් කණ්ඩායම වෙතත් අනුකම්පාව ගන්න කරන උපායක් බව !!

 

ඔය කතාව හොඳටම මතු කරලා තිබුණේ, නළුවෙකු සහ සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු වන රෝහිත් ගුප්තා විසින්. ඔහු කියනවා ඒක එහෙම නම්, එය 'අසාර්ථක වූ ප්‍රචාරණයක්' බවත්.

 

එහෙම අනුකම්පාව ගන්න මෙච්චර නාට්‍යයක් !!!!

ඔය කතාව එක්කෙනෙක් දෙන්නෙක් මතුකරන දෙයක් විතරයි.

හැබැයි පැතිරෙන කටකතා බොරු ද ඇත්ත ද නොකියා මුනිවත රැකීම තුළ ඔන්න ඔහොම දේවල් මිනිස්සුන්ට හිතෙන එකත් නවත්තන්න පුළුවන්කමක් ඇත්තෙ නෑ.

views

347 Views

Comments

arrow-up