බදු පැහැර හැරියැයි එල්ලවූ චෝදනා වලින් ෂකීරා ජයගනී - සාක්ෂි නැතිකමින් නඩුව ඉවත් කරලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

බදු පැහැර හැරියැයි එල්ලවූ චෝදනා වලින් ෂකීරා ජයගනී - සාක්ෂි නැතිකමින් නඩුව ඉවත් කරලා

බදු පැහැර හැරියැයි එල්ලවූ චෝදනා වලින් ෂකීරා ජයගනී - සාක්ෂි නැතිකමින් නඩුව ඉවත් කරලා

විමර්ශනය සඳහා සාක්ෂි නොමැතිකම සඳහන් කරමින්, ස්පාඤ්ඤ නඩු පවරන්නන් විසින් සුප්‍රකට පොප් ගායිකා ෂකීරාට එරෙහිව වූ බදු පැහැර හැරීමේ නඩුව ඉවත් කර ඇති බව වාර්තා වනවා.

 

ජුලි මාසයේ ආරම්භ වූ මෙම නඩුව, 2018 වසරේ දී ෂකීරා විසින් යුරෝ මිලියන 6.6ක බදු පැහැර හැර ඇති බවට චෝදනා ක‍රමින් කරළියට පැමිණි නඩු විභාගයකි.

 

විවිධ වූ විවේචන මැද කෙරෙනු පරීක්ෂණයකින් පසුව, මේ වන විට විමර්ශකයින් නිගමනය කර ඇත්තේ ඇයට එරෙහි අපරාධ චෝදනා සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

 

උසාවි තීන්දුව සම්බන්ධයෙන් ෂකීරාගේ නීතීඥ කණ්ඩායම තෘප්තිමත් බව ප්‍රකාශ කර ඇති අතර එමඟින් ඇයව වංචනික හැසිරීම් පිළිබඳ චෝදනාවලින් නිදහස් කෙරෙන බව ද අවධාරණය කර ඇත.

 

කෙසේ නමුත් ඇය තවමත් 2011 වසරේදී ස්පාඤ්ඤයේ ඇයගේ පදිංචිය පිළිබඳ පරිපාලනමය අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව සඳහන්.

 

එහිදී ඇයගේ නීති නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ ඇය එම වසරේ ස්පාඤ්ඤයේ ගත කළේ දින 70ක් පමණක් බවත්, බදු වගකීම් සඳහා වන සීමාවට වඩා එය අඩු දින ගණනක් වන බවයි.

views

217 Views

Comments

arrow-up