“අපිවත් ආදරෙන් බලාගන්නවට ඔයාට ගොඩාක් ආදරෙයි..” - කාවින්ද්‍යාගෙන් චිරන්තට විශේෂ ස්තුතියක් (PHOTOS)

'කවී' ජනප්‍රිය තාරකාවක් වන කාවින්ද්‍යා අධිකාරිට කවුරුත් ආදරේට කියන්නෙ එහෙම.
අතුල - සමිතාගේ එකම දෝණි ඈ.
ඔවුන්ගේ පෞද්ගලික ජීවිත ගැන රසිකයින්ගේ යම් යම් විවේචන තිබුණත්, කවුරුත් කවීට ආදරේ කරන්නේ මේ පවුලේ ඉන්න ආදරණීයම හිත් ඇත්තිය හැටියට.
පහුගිය දවසක ඇයගේ උපන්දිනය යෙදිලා තිබුණා.
ඉතින් සුබපැතුම් රැසක් එක්ක උපන්දින දා සතුට විඳගත් ඈ වෙනුවෙන් අපූරු සාදයක් ද පවත්වලා.
ඒ ඈ වටා ඉන්න ආදරණීය පවුලේ උදවිය විසින්.
කවීට ආදරේ කරන්නවුන් බොහෝයි.
ඒ අතරින් ඇයට ඇගේ පවුල විශේෂයි. අන්න ඒකයි පවුලේ අය එක්ක ඉන්නකොට කවීගේ හිනාව මේ තරම් ලස්සන.
උපන්දින සාදයේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එක්කාසු කළ ඈ එහිදී චිරන්තට ද විශේෂ ස්තුති සටහනක් තබා තිබුණා.
911 Views
Comments