පියාගේ ඇකයේ සිටි සිඟිත්තියට නොසිතූ නිමේශයේ අත්වුණු ඉරණම
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

පියාගේ ඇකයේ සිටි සිඟිත්තියට නොසිතූ නිමේශයේ අත්වුණු ඉරණම

පියාගේ ඇකයේ සිටි සිඟිත්තියට නොසිතූ නිමේශයේ අත්වුණු ඉරණම

පියාගේ ඇකයේ සිටි මාස 11ක් වූ දියණියගේ හිසට පොල් ගෙඩියක් වැටීමෙන් එම දරුවා මියගොස් ඇතැයි ගලහා පොලිසිය පවසයි.

 

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ගලහා දෙල්තොට නාරන්හින්න වත්තේ පදිංචි ලෝගේශ්වරන් කියාංෂිනි නැමති දැරියයි.

 

පියා විසින් මෙම දැරිය රැගෙන අසල්වැසි නිවසක් වෙත ගොස් යළි එමින් සිටියදී එම නිවස ඉදිරිපිට ඇති අඩි තිහක් පමණ ඉතා උස පොල් ගසක තිබුණු වේළුණු ගෙඩියක් ඇගේ හිසට වැටී තිබේ.

 

ඉන් පසු මොවුන් ත්‍රිරෝද රථයකින් එම දැරිය දෙල්තොට ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබූ අතර ඇගේ තත්ත්වය ඉතා බරපතළ නිසා එම රෝහලින් ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යවා තිබුණි.

 

නමුත් පෙරේදා දහවල් ඇය මියගොස් ඇති බව ගලහ පොලිසිය පවසයි.

 

මොවුන් පදිංචි පේළි නිවාස අසල ඇති මෙම පොල් ගසේ ගෙඩි පැසී තිබෙන විට කිසිවකුත් ඒවා කඩා නොමැති අතර එම ගෙඩි වේලී අනාරක්ෂිත ලෙස බිමට වැටීම සිදුවන බව පරීක්ෂණ පවත්වන පොලිසිය අනාවරණය කරගෙන තිබේ. මෙම නිවාසවල තවත් කුඩා ළමුන් හා අනෙකුත් පිරිස් විශාල ලෙස සිටියත් මෙහි ඇති අවදානම පිළිබඳව ඔවුන් එතරම් සැලකිල්ලක් දක්වා නොමැති බව ද හෙළි වී තිබේ.

 

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (18) සිදු කිරීමට නියමිතව තිබුණි.

views

273 Views

Comments

arrow-up