“දැන් මුන් තුන්දෙනා තව ලස්සනයි” - ප්‍රියසාද් පවුලේ අක්කා නගාලට ලැබනු ප්‍රතිචාර (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

“දැන් මුන් තුන්දෙනා තව ලස්සනයි” - ප්‍රියසාද් පවුලේ අක්කා නගාලට ලැබනු ප්‍රතිචාර (PHOTOS)

“දැන් මුන් තුන්දෙනා තව ලස්සනයි” - ප්‍රියසාද් පවුලේ අක්කා නගාලට ලැබනු ප්‍රතිචාර (PHOTOS)

දිනක්ෂි, ශේෂාද්‍රි සහ ශනුද්‍රි කියන්නෙ දක්ෂ තාරකාවන් තුන්දෙනෙක්.

 

මේ අක්කා නඟෝ තුන්දෙනාටම අපූරුවට කලාව පිහිටලා තියනවා.

 

ලැබෙන ප්‍රසංශාවලට වගේම එල්ල වන විවේචනවලටත් හරි හයියට මුහුණදීලා යන සාර්ථක ගමනක් ඔවුන් සතුයි.

 

 

තුන්දෙනාගෙන් දෙන්නෙක් විවාහකයි වගේම ඒ දෙන්නා අම්මලා.

 

ඒ වුණත් අක්කලා නංගිලා අතර තිබුණු බැඳීමත් රැකගෙන එකිනෙකා වෙනුවෙන් කැපවෙන ලස්සන ඔවුන් තුළින් දැකිය හැකියි.

 

අන්න ඒ ලස්සන මුහුණු පොතේ අකුරු වෙලා තිබුණු අපූරුව තමයි මේ...

 

''මේ කෙල්ලෝ තුන්දෙනාගෙන් මං ඉගෙන ගත්තු යමක් තියනවා.

උන් තුන්දෙනා පත්තරේකට, ටීවී එකට කතා කරන කොට තමන්ගේ සහෝදරියෝ ගැන ප්‍රශ්න කරද්දී හරිම ඉවසිල්ලෙන් ගෞරවයෙන් උත්තර දෙන්නේ.

ඒක වැඩියෙන්ම දකින්නේ පවුලේ ලොකු අක්කාගෙන්.

දැන් හෙන කාලෙකට කලින් ඒ ළමයගෙන් පත්තරේකින්ද කොහෙද ඇහුවා එයාගේ නංගි එයාට පෙර කසාද බැන්ද නේද, ඒක තමන්ට දැනුනේ කොහොමද වගේ දෙයක්.

සරළවම අක්ක ඉද්දි නංගි බැන්ද කියන රෙදි ප්‍රශ්නේ ඇහුවේ. ඒ අක්ක කිව්වා කසාදෙ කියන්නේ අක්ක නංගි පිළිවෙලට යන දෙයක් නෙමේ වගේ කතාවක්. ඒ වගේම තමන්ගේ නංගි ගැන හරි ගෞරවයෙන් කතා කළා. මේ කතා එහෙමම වර්ඩ් බයි වර්ඩ් මතක නැතත් ඔහොම තමා කිව්වේ.

දැන් මුන් තුන්දෙනා තව ලස්සනයි.

හරිම ලස්සනට අඳිනවා, ග්ලෝ වෙනවා එන්න එන්න. තුන්දෙනාම එක්ව ගමනක් යනවා. ඕව දකිද්දී ලස්සනයි.

පවුලේ ලොකු අක්ක වරක් කිව්වා තමන් ඉගෙන ගත්තේ නෑ පාසල් කාලෙන් පස්සේ, තමන් වැඩ කළා මොකෝ තමන්ගේ පවුලට ශක්තියක් වෙන්න.

ඒ වැඩ කරලා සල්ලි එකතු කරලා, නංගිලා එක්ක එකතුවෙලා එතෙක් කුලියට උන්නු අම්මටයි තාත්තටයි ගෙයක් අරන් දුන්නා කියල.

දැන් ඉතින් මේ කෙල්ලෝ තුන් දෙනා මට තව තව ලස්සනට පේනවා.

පවුලක් කියන්නේ ඕක තමා !''

 

 

views

2379 Views

Comments

arrow-up