ලෝක වාර්තාවකට හිමිකම් කියූ ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති තුන් හැවිරිදි ගම්පහ “ෂම්ලාන්” (PHOTOS)

ගම්පහ දිස්ත්‍රික්කයේ හුනුපිටිය ප්‍රදේශයේ පදිංචි 3 හැවිරිදි 'මොහොමඩ් ෂම්ලාන්' ලොව ඉහළම මතක ශක්තියක් ඇති දරුවා ලෙස නම් කර තිබෙනවා.
මොහොමඩ් ෂාබාන් සහ ෆාතිමා ඉබාසාගේ පුත් 'මොහොමඩ් ෂම්ලාන්' පීපල්ස් හෙල්පින් පීපල්ස් පවුන්ඩේෂන් සමඟ චෝලන් ලෝක වාර්තා පොත් සමාගම එක්ව සංවිධානය කරන ලද ලෝක වාර්තා උත්සාහයට සම්බන්ධ වී තිබුණා.
ඒ අනුව අංක, මල්, පළතුරු, කුරුල්ලන්, සතුන්, ධාන්‍ය, එළවළු, මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව, උරග, කෘමීන්, මල්, මාළු, සිංහල, ඉංග්‍රීසි, අරාබි භාෂා අක්ෂර, දේශපාලන නායකයන්, විවිධ වෘත්තීන්, ලෝක ප්‍රසිද්ධ කුළුණු, ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින්, ජාතික ක්‍රීඩකයින්, ආහාර ද්‍රව්‍ය සහ ගෘහාශ්‍රිත ද්‍රව්‍ය ඇතුළු පින්තූර 1098ක නම් හඳුනාගෙන කටපාඩම් කිරීමෙන් 'ෂම්ලාන්ගේ' නාමය මෙලෙස චෝලන් ලෝක වාර්තා පොතේ සටහන් වුණා.
මේ හරහා වයස අවුරුදු 3 දී ලොව ඉහළම මතක ශක්තියක් ඇති දරුවා ලෙස 'ෂම්ලන්' නම් කර ඇත්තේ.
චෝලන් ලෝක වාර්තා පොත් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති ශ්‍රී නාගවානි රාජා සහ මහනුවර දිස්ත්‍රික්කයේ උප සභාපති චන්ද්‍රමෝහන් යන මහත්වරු එහි විනිසුරුවන් ලෙස කටයුතු කළා.
මේ සඳහා වූ උත්සවය ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වුණු අතර 'ෂම්ලාන්ගේ' ලෝක වාර්තාව එහි ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ඔහුට විනිසුරුවරුන් විසින් රාමුගත සහතිකයක්, රන් පදක්කමක්, සමරු ඵලකයක් සහ හැඳුනුම්පතක් ද පිරිනමා තිබුණා.
මෙම චෝලන් ලෝක වාර්තා වැඩසටහන සඳහා කැලණිය ප්‍රදේශයේ ග්‍රාම පරිපාලන නිලධාරී සුනිල් ශාන්ත සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ජමියතුල් උලමා අල් හජ් නුහුමාන් ඉනාමි යන මහත්වරු එක්ව සිටියා.
ඒ සඳහා පැමිණ සිටි පිරිස ලෝක වාර්තාව ලබා ගත් දරුවාගේ දෙමාව්පියන්ටද සුබ පැතුම් එක්කර තිබුණා.
395 Views
Comments