“ජනාධිපති මැතිවරණෙට එන්න මාව පාවිච්චි කරන හැටි” - එල්ල වන චෝදනා ගැන පියුමි කියන කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

“ජනාධිපති මැතිවරණෙට එන්න මාව පාවිච්චි කරන හැටි” - එල්ල වන චෝදනා ගැන පියුමි කියන කතාව (PHOTOS)

“ජනාධිපති මැතිවරණෙට එන්න මාව පාවිච්චි කරන හැටි” - එල්ල වන චෝදනා ගැන පියුමි කියන කතාව (PHOTOS)

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කියන්නෙ කවදත් ජනප්‍රිය, නිතර කතාබහට ලක්වන තාරකාවක්.

 

නමුදු මේ ගෙවෙන්නේ ඇය ගැන වෙනස්ම කතාබහක් ඇතිව තිබෙන සමයක් කිව්වොත් හරි.

 

ඊට හේතුව ඈට එල්ලව ඇති ආදායම් සම්බන්ධ වූ යම් යම් චෝදනාවන්. මේ වන විට ඒ පිළිබඳව විමර්ශනයක් ද කෙරෙනවා.

 

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්.

 

 

මෙයාකාරයෙන් දිග හැරෙන පියුමි හංසමාලිගේ වත්කම් පිළිබඳව කතාබහේ කැපී පෙනෙන චරිතයකි, ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත.

 

පසුගියදා ඔහු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පියුමි සිය සමාජ මාධ්‍ය තුළ මෙලෙස සටහනක් තබා තිබෙන ආකාරය දක්නට ලැබුණා.

 

''...බලන්න නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් තියන ආදරේ.

රටේ මිනිස්සුන්ට තියන ආදරේ වෙනුවෙන්ලු මේ සියලුම දේ හොයන්නෙ.

ජනාධිපති මැතිවරණෙට එන්න මාව පාවිච්චි කරන හැටි.

බොරුව කියන දේට ආයුෂ නෑ. බොරුව ජය ගන්නෙ නෑ කවදාවත්.

225ගෙම කළු සල්ලි මගෙලු. තව කාගෙවත් සල්ලි එහෙම නැද්ද.

මගෙ ළඟ ඔයාගෙ අම්මගෙ තාත්තගෙ එහෙම සල්ලිත් ඇති.

මගෙ කට අරින්නෙ ලබන සතියෙ සුදු තාත්ති හරිද...''

 

views

248 Views

Comments

arrow-up