ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් ෂර්මා, දෙවැනි වරටත් පිය පදවිය ලබයි - ප්‍රීතිය වෙනුවෙන් ඔහු තැබූ සටහන මෙන්න

ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා, දෙවැනි වරටත් පිය පදවිය ලබලා.
රෝහිත් ෂර්මා - රිතිකා සාජ්දේ මෙවර දෙමාපියන්වී ඇත්තේ, පුතෙකුට බවයි ආරංචිය.
පසුගිය 15 වැනි දා තමයි මේ අලුත් අමුත්තා ඇවිත් තිබුණෙ.
රෝහිත් ෂර්මා ඒ සුබ ආරංචිය හැමෝමත් එක්ක මේ විදියට බෙදාගෙන තිබුණා.
රෝහිත් - රිතිකා දෙන්නා විවාහ වෙන්නෙ, 2015 දෙසැම්බර්. දෙන්නගෙ පළමු දරුවා දියණියක්. ඈ නමින් සමයිරා.
දියණිය උපත ලැබුවේ, 2018 දෙසැම්බර්.
කොහොම නමුත් රිතිකා දෙවන වරටත් ගැබ්ගෙන ඇති විත්තිය නම් ප්‍රසිද්ධියට පත්කරලා තිබුණෙ නෑ.
206 Views
Comments