දුර්ලභ රතු පැන්ඩා පැටවා අවසන් ගමන් ගිය හේතුව හෙළිවෙයි - එඩින්බරෝ සත්වෝද්‍යානයෙන් නිවේදනයක්

ගෙවුණු නොවැම්බර් 5 වැනිදා මාස තුනක් වයසැති රොක්සි නම් රතු පැන්ඩා පැටවා මියයාම සම්බන්ධයෙන්, එක්සත් රාජධානියේ එඩින්බරෝ සත්වෝද්‍යානය හේතු දක්වා තිබෙනවා.
සත්වෝද්‍යානය සඳහන් කරන්නේ, ගිනිකෙළිවලින් ආතතියට පත්වීම හේතුවෙන් පැටවා මෙලෙස මියයාමට ඇති බවයි.
පැටවා මියගියේ වමනය, හුස්ම හිරවීම යන තත්ත්ව පෙන්නුම් කරමින් වීම මත දැඩි ආතතිය මෙම මරණයට සෘජුව බලපෑම් කර ඇති බවයි ස්කොට්ලන්තයේ රාජකීය සත්ව විද්‍යා සංගමයේ ප්‍රවීණයන් සඳහන් කරන්නේ.
ඉකුත් නොවැම්බර් 5 වැනිදා, 1605 දී ලන්ඩනයේ පාර්ලිමේන්තු මන්දිරය පුපුරුවා හැරීමේ අසාර්ථක කුමන්ත්‍රණයේ සංවත්සරය සනිටුහන් කිරීම සඳහා ගිනිකෙළි සංදර්ශන කිහිපයක් පවත්වා තිබුණා.
'බොන්ෆයර් නයිට්' ලෙස හැඳින්වෙන මෙම රාත්‍රියේදීයි, රතු පැන්ඩා පැටවා අවසන් ගමන් ගොස් තිබුණේ.
මෙම පැටවාගේ මරණය සම්බන්ධයෙන් ලොව පුරා සත්ත්ව විද්වතුන් සිය දැඩි ශෝකය ප්‍රකාශ කර ඇත්තේ, රතු පැන්ඩා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇති බැවිනි.
147 Views
Comments