“මේක ආරම්භය විතරයි, අපිට තව දුර ගමනක් යන්න තියෙනවා..” - සනත් ජයසූරිය ගැන චරිත් කියන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

“මේක ආරම්භය විතරයි, අපිට තව දුර ගමනක් යන්න තියෙනවා..” - සනත් ජයසූරිය ගැන චරිත් කියන කතාව

“මේක ආරම්භය විතරයි, අපිට තව දුර ගමනක් යන්න තියෙනවා..” - සනත් ජයසූරිය ගැන චරිත් කියන කතාව

මෙරට ක්‍රිකට්ලෝලීන්ට ඊයේ (07) දවස හරි විශේෂයි.

 

ඒ සංචාරක ඉන්දියා කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්කම් දැක්වීමත් එක්ක.

 

එලෙස ඊයේ ලද්දේ ඉතිහාසගත ජයග්‍රහණයක්. ඒ, ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයගනු ලැබුවේ වසර 27කට පසුව වීම නිසාවෙන්.

 

වසර 27කට පසු ලැබූ එම ජයග්‍රහණයෙන් පසු ක්‍රීඩකයින්ට සේ ම පුහුණුකරු සනත් ජයසූරියට ද ක්‍රීඩාලෝලීන්ගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්.

 

ඒත් එක්කම තරග නිමාවෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයක් හමුවේ සනත් ජයසූරියගේ මඟ පෙන්වීම ගැන චරිත් ද මෙලෙස අදහස් දක්වා තිබුණා.

 

''සනත් ජයසූරිය ගැන මම හිතනවා, වැඩිය කියන්න දෙයක් නෑ මොකද අපි හැමෝම දන්නවා මොනවද එතුමා රට වෙනුවෙන් කරලා තියෙන්නෙ කියලා.

කෝච් කෙනෙක් විදියට අපිට ඕනි නිදහස ලබාදීලා තියෙනවා. එයාගෙ එක්ස්පීරියන්ස් එක ශෙයා කරගන්නවා නිතර අපිත් එක්ක.

මට සහ දුනිත්ට විශේෂයෙන්ම හොඳයි එයා ලෙෆ්ට් හෑන්ඩර් කෙනෙක් නිසා. ලෙෆ්ට් හෑන්ඩර් කෙනෙක් විදියට අපිට, බැට්ස්මන්ලට තව දේවල් කියලා දෙනවා. ඒක අපිට ලොකු දෙයක්.

ඊට අමතරව මම හිතනවා එයාට ඇත්තටම ඕනි තරග ජයග්‍රහණය කරන්න. ක්‍රීඩකයින්ටත් ඒ වුවමනාව ඇති කරලා.

ක්‍රීඩකයින්ටත් කෝච් වගේම තරග ජයග්‍රහණය කරන්නමයි දැන් අවශ්‍යය.

එයා එන්වයර්මන්ට් එක හැදුවා.

මම හිතනවා මමත් අලුත් නායකයෙක් හැටියට මේ තරගාවලියට කෝච් සහ මම ක්‍රීඩකයින්ට එන්වයර්මන්ට් එක හැදුවා එයාලට අවශ්‍ය විදියට ප්‍රෆෝම් කරන්න.

මම හිතනවා මේක ආරම්භය විතරයි.

අපිට තව දුර ගමනක් යන්න තියෙනවා.

නායකයා විදියට මට ඕනි මේ සියලුදෙනාම එක්ක දුර ගමනක් යන්න...''

views

221 Views

Comments

arrow-up