“මතිෂ වෙනුවෙන් දෝනි ගත් බරපතල තීන්දුව නිසා මැච් එක දින්නා” - තරඟයෙන් පසු විචාරකයින් කියූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

“මතිෂ වෙනුවෙන් දෝනි ගත් බරපතල තීන්දුව නිසා මැච් එක දින්නා” - තරඟයෙන් පසු විචාරකයින් කියූ දේ

“මතිෂ වෙනුවෙන් දෝනි ගත් බරපතල තීන්දුව නිසා මැච් එක දින්නා” - තරඟයෙන් පසු විචාරකයින් කියූ දේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටය තරගයෙන් චෙන්නයි කණ්ඩායමට ජය ගැනීමත් සමඟ ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.


මෙම තරඟයේ දී ගුජරාට් පිල පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී 16 වැනි පන්දු වාරයේදී චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි ගත් අවදානම් තීන්දුවක් හේතුවෙන් එම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බව විචාරකයෝ සඳහන් කළහ.


16 වැනි පන්දුවාරය යැවීම සඳහා ශ්‍රී ලංකාවේ වේගපන්දු ක්‍රීඩක මතීෂ පතිරණ සූදානමින් සිටි නමුත් ඔහුට ඒ මොහොතේ පන්දු යෑමට නොහැකි බව විනිසුරුවන් විසින් දැනුම් දුන්නේය.


ඒ මතීෂ පන්දු යැවීමට පෙර ක්‍රීඩාගාරයට ගොස් සිටි නිසා අදාළ කාලය ක්‍රීඩා පිටිය තුල යලි ගත කළ යුතු වීම හේතුවෙනි.


ඒ අනුව චෙන්නයි නායකයා තීන්දු කළ යුතු වූයේ වෙනත් පන්දු යවන්නෙක් යොදවන්නේද, තරඟ නීති අනුව අවසන් පන්දුවාරයේදී යාර 30 සීමාව තුල ක්‍්‍රීඩකයන් සීමා කරන්නේද යන්නයි. එමෙන්ම දඩ මුදලකට යටත් වීමේ අවදානමක්ද ඇතිව තිබින.


නමුත් මහේන්ද්‍ර සිං දෝනි අවදානම භාර ගෙන අදාළ කාලය ගෙවා දමා මතීෂ පතිරණට පන්දු යැවීමට අවස්ථාව ලබා දුන්නේය.


ඒ අවස්ථාවේ මතීෂ පතිරණ සහ අනිත් පන්දු යවන්නා අවසන් පන්දුවාර හතර යවමින් ලකුණු 15 ක ජයක් ලබා ගනිමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.


කෙසේ වෙතත් ප්‍රවින විස්තර විචාරකයෙක් වන සයිමන් ඩූල් කියා සිටින්නේ දෝනි විනිසුරුවන් සමග කතාබහ කිරිම අනවශ්‍ය දෙයක් බවත් එය සිදු වූයේ පන්දු යැවීමේ අවස්ථාව වෙනත් පන්දු යවන්නෙකුට නොදී මතීෂට ලබා දීමට බවත්ය.

views

423 Views

Comments

arrow-up