පුතාගේ මෘත දේහය ගෙන යන්න සල්ලි නැති නිසා බෑගයක දමාගෙන බසයේ අරන් ගිය පියා

තම කුඩා පුතුගේ දේහය ගෙන යාමට මුදල් නැති නිසා එය බැගයක දමාගෙන කිලෝ මීටර් 200ක දුරක් ගමන් කළ පුද්ගලයෙකු පිළිබඳව ඉන්දියාවේ බෙංගාලයෙන් වාර්තා වෙනවා.
අෂිම් දෙශ්ශර්මා නැමැති එම පුද්ගලයා ඒ පිළිබඳව පවසා තිබුනේ මෙවැන්නක්.
“මගේ මාස පහක් වයස පුතා ඊයේ රාත්‍රියේ සිලිගුරි හි උතුරු බෙංගාල වෛද්‍ය විද්‍යාල රෝහලේ දින හයක් ප්‍රතිකාර කිරීමෙන් පසු මිය ගියා. දරුවාගේ ප්‍රතිකාර වලට මම රුපියල් 16,000ක් වියදම් කළා. මගේ දරුවාගේ දේහය කලියාගන්ජ් වෙත ප්‍රවාහනය කිරීමට රුපියල් 8,000ක් ගිලන් රථ රියදුරෙකු ඉල්ලා සිටියා. එය ගෙවීමට මා සතුව මුදල් තිබුණේ නැහැ."
496 Views
Comments