ටිකට් නැතිව පාට් දමමින් බසයේ ගිය බීපු කොල්ලො රොත්තක් නිසා රියැදුරා බසය නැවැත්වූ තැන
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

ටිකට් නැතිව පාට් දමමින් බසයේ ගිය බීපු කොල්ලො රොත්තක් නිසා රියැදුරා බසය නැවැත්වූ තැන

ටිකට් නැතිව පාට් දමමින් බසයේ ගිය බීපු කොල්ලො රොත්තක් නිසා රියැදුරා බසය නැවැත්වූ තැන

කතරගම ඩිපෝවට අයත් බස් රථයක් ඊයේ (17) අලුයම කොළඹ බලා ධාවනය කරමින් සිටියදී වීරවිල හන්දිය සීමාවේදී අළුයම 2.15 ට පමණ ගොඩවූ තරුණයන් පිරිසක් බීමත්ව පරුෂ වචන කියමින් කෑ කෝ ගසමින් ප්‍රවේශපත් නොගෙන ගමන් කිරීම නිසා බස් රථය හම්බන්තොට පොලීසිය වෙත ගෙන ගොස් එම පිරිස බාර දීමට සිදුවූ බව රියදුරු කොන්දොස්තර දෙපළ පැවසූහ.

 

මෙම බස් රථය පොලීසිය වෙත ළං වනවාත් සමඟම තරුණයන් දස දෙනකු පමණ බැස පැන දිවූ බවත් ඉතිරිවූ පිරිසෙන් තරුණයන් හතර දෙනකු පොලිසියේ රඳවා ගත් බවත් රියදුරා කියා සිටියේය.

 

තවත් තරුණයන් කිහිපදෙනකු බසයේ කොන්දොස්තර වරයාට අසභ්‍ය වචනයෙන් බැන තංගල්ල, මාරකොල්ලිය සීමාවේදී මරා දමන බවට ද තර්ජනය කළ බව කොන්දොස්තරවරයා කීය.

 

මේ සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියෙන් කළ විමසුමකදී එහි නිලධාරියකු ප්‍රකාශ කර සිටියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ජගත් විජේගුණරත්න මහතාගේ උපදෙස් මත බීමත්ව ප්‍රවේශපත් නොගෙන අනෙකුත් මගීන්ට හිරිහැර වන අයුරින් ගමන් කළ බව කියන හතර දෙනකු අත්අඩංගුවට ගත් බවත් වෛද්‍ය වාර්තාද සමග ඔවුන් හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය.

views

448 Views

Comments

arrow-up