ධාරානිපාත වර්ෂාවත්, තමන් පෙළෙන හදවත් රෝගයත් නොතකමින් මීටර් 5000 තරඟය නිමාකළ පුංචි ධාවන ශූරිය (PHOTOS)

ක්‍රීඩාව කියන වචනයත් එක්ක අපට ඊලඟට සිහිපත් වෙන්නේ තරගයයි. මොකද ක්‍රීඩාවත් සහ තරගය අතර තියෙන්නේ එකිනෙකට වෙන් කරගත නොහැකි සහසම්බන්ධයකි.
නමුත් ක්‍රීඩා කළ යුත්තේ ජයග්‍රහණය උදෙසාම නෙමෙයි කියල කතාවක් ඇත.
මේ කතාව අපට ඇහෙන්නේ පසුගිය අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙලනි.
මේ අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙලෙහි මීටර් 5000 තරඟයේ අවසාන ස්ථානය ලැබූ තවමත් 18 විය නොඉක්මවූ බව් සම්නන්ග්ය.
ඇය දිවෙන මේ මොහොතට විනාඩි හයකට කලින් අනෙක් තරඟකරුවෝ තම තරඟය අවසන් කොට තිබිණි. සමස්ත ආසියාවට ඇදහැලෙන ධාරානිපාත මහවැසි මැද ඇය දිගටම දිව ගියාය. ඒ මාස කීපයකට පෙර තමන් පෙලූ හදවත් රෝගයද නොතකමිනි.
අවසාන වටයට ඈ එලඹෙත්ම සියලු ප්‍රේක්ෂකයෝ ඇයව දිරිමත් කරමින් හා අගය කරමින් අත්පොඩි තලන්නට වූහ. තරගය අවසන් කොට කාම්බෝජයේ ධජය ලෙලවූ දැරිය සමස්ත ප්‍රේක්ෂකයන් වෙත තම ආචාරය පුද කොට ඔවුන්ගේ ප්‍රතිචාර ඉවසාගත නොහී වැලපෙන්නට වූවාය. පසුදා ලෝක ජනමාධ්‍ය හා පුවත්පත් සේම සමාජ මාධ්‍යවලද පිටුවක් පිරුණේ ඇගේ මේ නොපසුබට උත්සාහයට ගෞරව වශයෙනි.
පසුදා කාම්බෝජයේ රජු ඇයට මුදලින් $10000ක් පිරිනැමීමට තීරණය කළ අතර, බොහෝ දෙනා ඇයට ත්‍යාග හා මුදල් පිරිනැමූහ...
355 Views
Comments