“ඒ චූටි ලස්සන මූණයි බූසි කොන්ඩෙයි, තාමත් මතකයි” - රජරට සරසවිය ම සංවේගයට පත්කරමින් අවසන් ගමන් ගිය මිහිපාලි

මිහිපාලි වන්නිනායක...
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර විද්‍යා පිඨයේ 17 වන කණ්ඩායමේ ඉගෙනුම ලැබූ ඇය පසුගියදා අවසන් ගමන් ගොස් තිබුණේ, රජරට සරසවිය ම සංවේගයට පත්කරමින්.
වාර්තා වන ආකාරයට ඇය, උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරනු ලබන ඩබ්ලිව්. එම් වන්නිනායක මහතාගේ දියණියයි.
දුටුවන්ගේ හිත නිවන සුන්දර ම සිනහවකට හිමිකම් කියූ මිහිපාලිගේ හදිසි අභාවය පිළිබඳව ඇගේ සමීපතමයින් මෙලෙස සමාජ මාධ්‍යට සංවේදී සටහන් කිහිපයක් ම එක්කාසු කර තිබුණා.
''Niwan suwa mihipali
පොඩිකාලෙ මගෙ ලගම හිටපු හොදම යාලුවා..
අදටත් මතක මේ මූණට වඩා මට එහාපැත්තෙ තිබුන ඒ චූටි ලස්සන මූණයි බූසි කොන්ඩෙයි..
රිසල්ට්ස් ආවම මං කිව්වෙ බයවෙන්න දෙයක් නෑ. ඩොක්ටර් වන්නිනායක කියලා..
අන්තිමට දැක්කෙ ඔයාව 2016 ඒත් ලාවට වගේ. වාහනෙ ඇතුලෙ ඉදන් හිනා වුනේ. එදා දැක්කෙත් අවුරුදු 6කින්..
පොඩි කාලෙ ඉස්කෝලෙ ඇරුනම අන්තිමට සමහර දවස්වල ඉතුරු වෙන්නෙ අපි දෙන්නා විතරයි.
අන්කල් එනකන් මාත් ඔයත් එක්ක මුර කුටිය ලග වාඩිවෙලා ඉන්නවා පැය ගනන්..
ටිකක් වෙලා බලලා ගංගානි එකෙන් කැඩිච්ච අයිස් පලන් මල්ලක් ගෙනත් තියාගෙන කනවා..
සමහර දවස්වලට තාත්තයි මායි ඔයාව ගෙදරටම දාලා එනවා..
දවසක් අහම්බෙන් වගේ නම්බර් එක හම්බෙලා අපි කතා කරා..
තේරෙන්නෙ නෑ මේවා තාමත්.. නිවන් සුව මිහිපාලි''
391 Views
Comments