සුරූපී ක්‍රීඩිකාව ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැරලා - හේතුව මෙන්න (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

සුරූපී ක්‍රීඩිකාව ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැරලා - හේතුව මෙන්න (PHOTOS)

සුරූපී ක්‍රීඩිකාව ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැරලා - හේතුව මෙන්න (PHOTOS)

ඇය ඇත්තෙන්ම සුරූපී ක්‍රීඩිකාවක්..

 

ඒ විතරක් නෙවෙයි, ඇයට ආදරය කරන බොහෝ දෙනෙක්ට මේ ආරංචිය නම් ගෙන එන්නේ කණගාටුදායක හැඟීමක්.. 

 

ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණි පරුගුවේ රාජ්‍යය නියෝජනය කරන පිහිනුම් ශූරිය ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැරීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබෙනවා...

 

ඇයගේ විනය විරෝධී හැසිරීම් හේතුවෙන් ඔලිම්පික් ක්‍රීඩා බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..

 

පෙරුගුවේ ඔලිම්පික් කමිටු සභාපති Larissa Schaerer සඳහන් කර ඇත්තේ ලුආනා ඇලාන්සෝ අනවසරයෙන්, කිසිවකුටවත් නොදන්වා, සිය අභිමතය පරිදි ඔලිම්පික් ගම්මානයෙන් පිටවී රැයක් ගත කර ඇති අතර එම සිදුවීම හේතුවෙන් ඇය මෙසේ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා දැමීමට කටයුතු කළ බවයි..

 

ඒ අනුව ඇයට පිහිනුම් ඉසව් අහිමි වී යනවා..

 

කෙසේ වෙතත් ඇය මීට පෙර අවස්ථාවක දී පවසා සිටියේ ඇය මෙම ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමට නියමිත බවයි..

 

එවන් පසුබිමක ඇයට මෙම තහනමට ලක් වීමට සිදු වී අතර ඇය සිය කණගාටුව ප්‍රකාශ කරමින් Instagramහි සටහනක් ද තබා තිබෙනවා..

 

“එය දැන් ස්ථීරයි.. මම පිහිනුම් ක්‍රීඩාවෙන් සමුගන්නවා, සහයෝගයට ඔබ සැමට බොහොම ස්තුතියි! සමාවන්න පැරගුවේ, මට ඔබට ස්තුති කිරීමට පමණක් සිදු වෙනවා'' ලෙසින් එහි සටහන් වුණා..

 

 

 

 

views

254 Views

Comments

arrow-up