හිරුගේ ආලෝකය පෘථිවියට ලැබීම සදහටම නතර වුනොත් මොකක් වෙයිද ?

මහ පොළොවට සූර්ය ආලෝකය පතිතවීම සදහටම නතර වුවහොත් කුමක් සිදුවේද ? යන්න බොහෝ කලක සිට නැඟුණු ප්‍රශ්නයකි.
ඊට සුප්‍රකට තාරකා විද්‍යාඥයෙකු වූ කාල් සාගන් මෙවැනි පිළිතුරක් ලබාදී තිබුණි.
දිනක් තුළ ගස්වැල් සියල්ල මැරීයාම ආරම්භ වනවා වගේම මහපොළොවේ සියලු ස්වභාවික ජෛව විවිධත්වයන් නැතිවී යාම අපේක්ෂා කළ හැකිය.
හිරුඑළිය නැතිවීමත් සමග ප්‍රභාසංස්ලේෂණය වහා නතර වුවත් ශක්තිය ගබඩා කර ඇති දැවැන්ත ශාකවලට වසර කිහිපයක් පැවතිය හැකි වෙයි.
සතියක් තුළ පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 දක්වා පහත වැටීමත්, හිරුඑළිය නොමැති නිසා තාපය මුදාහැරීමෙන් පොළව ශීත වීමත් අත්දැකිය හැකිවේවි.
වසරක් තුළ පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 73 දක්වා පහත වැටීමත්, වසර තුනක් තුළ සාගර සියල්ල අයිස් බවට පත්වීමත් අපේක්ෂා කළ හැකිය.
කෙසේ නමුත් වායුගෝලයේ ගබඩා වී ඇති ඔක්සිජන් හේතුවෙන් මිනිසාට තවත් වසර දහස් ගණනක් ජීවය පවත්වා ගැනීමට හැකියාව පවතින බව කාල් සාගන්ගේ අදහසය.
එහෙත් හිරුඑළිය ගස්වැල් ජල ධාරා නොමැති ලෝකයක් ගැන අපට මනෝ චිත්‍රයක් මවාගැනීම අපහසුය.
පෘථිවිවාසීන් හිරු මුළුමණින්ම මුවා වූ පූර්ණ සූර්යග්‍රහණයක අත්දැකීමක් ඊයේ විඳ ගත්තේය.
එහෙත් එම පූර්ණ සූර්යග්‍රහණය දැකබලා ගැනීමට හැකිවුණේ උතුරු සහ මධ්‍යම අමෙරිකානු කලාපීය රටවලට, එංගලන්තයට සහ උතුරු අයර්ලන්තටය.
උතුරු ආක්ටික් ධ්‍රැව ප්‍රදේශයටත් සූර්යග්‍රහණය දිස් වූ බව වාර්තා වුණි.
පැසිෆික් සාගරයේ කුක් දිවයින් සමූහයට එය මුලින්ම දිස්වුවත්, පූර්ණ සූර්යග්‍රහණය මුලින්ම දැකගත හැකිවූයේ මෙක්සිකෝ වෙරළ ප්‍රදේශයටය.
මෙක්සිකෝවෙන් උතුරු අමෙරිකාවට ඇතුළුවූ සූර්යග්‍රහණ දර්ශනය ඔහායෝ ගංගාධාරය ඔස්සේ තවත් උතුරට ගොස් අමෙරිකානු කැනඩා දේශසීමාවේ පිහිටි නයඟරා දියඇල්ලේ කඳුරැල්ල මතින් නික්මුණේ එය නැරඹීමට එක්වූ දහස් සංඛ්‍යාත ජනතාව ප්‍රීති ප්‍රමෝදයට පත්කරමිනි.
කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලන්තයට අවසන්වරට දිස්වූ සූර්යග්‍රහණය එරට ගමන් පථය හැර මෙක්සිකෝවේ, අමෙරිකාවේ සහ කැනඩාවේ අනෙක් කලාපවලට දිස්වී ඇත්තේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසිනි.
නැරඹූ ප්‍රදේශ අනුව එක් ස්ථානයකට විනාඩි 4 1/2ක උපරිම කාලයක් දක්වා දර්ශනය වූ මෙම පූර්ණ සූර්යග්‍රහණය පැය 3කට ආසන්න කාලයක් පැවත තිබේ.
ශ්‍රී ලංකාව හෝ ආසියානු කලාපීය රටවලට දිස් නොවූ මෙම සූර්යග්‍රහණය දැකබලා ගැනීම සඳහා දස දහස් සංඛ්‍යාත පිරිසක් විවිධ රටවලින් අමෙරිකාව සහ මෙක්සිකෝව වෙත පැමිණ තිබුණි.
අවසන් වරට ස්ථිර පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වුයේ 2017 වසරේදීය.
මේ ආකාරයේ සූර්යග්‍රහණයක් නැවතත් උතුරු අමෙරිකානුවන්ට අත්දැකීමට හැකිවන්නේ 2044 වසරේදීය.
389 Views
Comments