හීනෙන්වත් නොසිතූ වෙලාවක කුරුළු කූඩුවක් සුනුවිසුණු කළ මාරක අනතුරේ කඳුළු කතාව

තවමත් මේ කතාව අදහා ගන්න බැරුව ඔවුන් කණස්සල්ලෙන්..
ලස්සනට තිබුණ කුරුළු පවුලක් විනාස වෙන්න ගත වුණේ විනාඩි කිහිපයයි...
"කොළඹින් අධිවේගී මාර්ගයේ ඇවිත් බරවකුඹුකෙන් පිටවෙලා එන කොට මට ඇස් පියවුණා. එත කොටම කාර් එක ගසක වැදුණා. කාර් එකෙන් එළියට ඇවිත් පුතාලා දෙන්නා එළියට ගත්තා. මගේ නෝනා හිටියේ පිටිපස්සෙ අසුනේ. නෝනා අසුනෙ තදවෙලා සිටියෙ. ඒ වෙලාවෙ පොඩි ලොරියක් පාරේ ගියා. ඒක නතර කරලා ඒ අය එක්ක එකතු වෙලා නෝනා එළියට ගත්තා. ඒ ලොරියෙන්ම අම්බල න්තොට ඉස්පිරිතාලෙට අපි ගියා. මගේ නෝනා නැති වෙලා කියලා එහිදී දැන ගත්තා. පුතාලා දෙදෙනයි මායි හම්බන්තොට ඉස්පිරිතාලෙට එවුවා."
නෝනගම, ඇඹිලිපිටිය මාර්ගයේ බැමිණියන්විල ප්රදේශයේදී මෝටර් රථයක ගමන් ගත් එකම පවුලේ අයගෙන් මාතර ස්ාන්ත ස්ර්වේසස් විදුහලේ ගුරුවරියක් ලෙස සේවය කළ සමන්තිකා ජයසිංහ මියයෑම සම්බන්ධයෙන් මේ ඔහුගේ සැමියා ලබාදුන් කටඋත්තරයයි...
මෝටර් රථය ධාවනය කළ මියගිය සමන්තිකාගේ ස්වාමිපුරුෂයා වන ජුවාන හැන්නදිගේ සූරසේන තවමත් පසු වෙන්නේ සියල්ල අදහා ගත නොහැකිවයි..
තම වැඩිමහල් දියණිය ඥාතී නිවසකට රැගෙන ගොස් ඔවුන් නැවතත් එමින් සිටියදී මේ අනතුර සිදුව තිබුණා.. තවදුරටත් මේ අනතුරට ගැන ඔහු වැඩිදුරටත් කියා තිබුණා..
"ලොකු දුව කොළඹ මගේ අක්කාගේ ගෙදර නතර කරලා කොළඹින් රෑ 12ට විතර පිටත්වෙලා අධිවේගී මාර්ගයේ ආවා. බරවකුඹුකෙන් පිටවෙලා නෝනගම පාරේ ටික දුරක් එන කොට මගේ ඇස් පිය වුණා. ඇස් ඇරෙන කොට මම පදවාගෙන ආ කාර් එක පාර අයිනේ කොහොඹ ගසක වැදී තිබුණා.."
අවසානයේ ඔහුට කියාගන්න පුළුවන් වුණේ එපමණයි.. කොහොම වුණත් දැන් මේ කුරුළු පවුලේ සතුට යළි නොඑන දුරකටම ගිහින්..
301 Views
Comments