ගමේම කුරුළු කූඩු කැඩූ ගුරුවරියට අවසානයේ අත්වුණු ඉරණම
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

ගමේම කුරුළු කූඩු කැඩූ ගුරුවරියට අවසානයේ අත්වුණු ඉරණම

ගමේම කුරුළු කූඩු කැඩූ ගුරුවරියට අවසානයේ අත්වුණු ඉරණම

දරුවන්ට ඉගැන්වීම සඳහා කුරුලු කූඩුවක්ද රැගෙන පාසලට එන්නැයි තඹුත්තේගම අධයාපන කලාපයේ පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියක් විසින් යොමු කළ වට්සප් පණිවිඩයකට ප්‍රතිචාර වශයෙන් ඊට පසු දින දරුවන් 40  දෙනෙකු පමණ කුරුලු කූඩුද රැගෙන පන්තියට පැමිණීමේ සිද්ධියක් පසුගිය දා වාර්තා වුණා.

 

එම ගුරුවරිය කුරුළු කූඩුවක් රැගෙන එන්නැයි දරුවන් 60 දෙනෙකුට පමණ වට්සප් පණිවිඩ යොමු කර ඇති අතර ඉන් දරුවන් 40 දෙනෙකු කුරුළු කූඩු රැගෙන පාසල වෙත පැමිණ තිබෙනවා.

 

කුරුළු කූඩුවද රැගෙන තම දරුවා පන්ති කාමරයට ඇරලවීමට පැමිණි මවුපියන් පන්ති කාමරය තුළ කුරුලු කූඩු විශාල සංඛ්‍යාවක් තිබෙනු දක්නට ලැබීමත් සමගම දෙමාපියන් විසින් ගුරුවරියගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා.

 

මේ පිළිබදව තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කිරීමටද මව්පියන් පියවර ගෙන ඇති අතර තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ සහකාර ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසන්නේ අදාල සිදුවීම පිලිබඳව සොයා බලන බවයි.

views

436 Views

Comments

arrow-up