“හිටපු විදියට නම් දැන් ගොඩක් සනීපයි” - ආදරේ අරන් වේදිකාවට ආ හදවතේ ගායකයා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

“හිටපු විදියට නම් දැන් ගොඩක් සනීපයි” - ආදරේ අරන් වේදිකාවට ආ හදවතේ ගායකයා (PHOTOS)

“හිටපු විදියට නම් දැන් ගොඩක් සනීපයි” - ආදරේ අරන් වේදිකාවට ආ හදවතේ ගායකයා (PHOTOS)

මේ පුංචි රටේ ගොඩාක් උන්ගෙ හදවත් පහුරුගාන්න ඒ හඬට පුළුවන්කමක් ලැබුණා.

 

ඒක ඈත පිටිසර ගම් දනව්වලට පමණක් සීමා නොවී කොළඹ හත දක්වාම ඉන්නවුන්ගෙ හිත් දිනාගන්න හැකිවුණු මහ අරුම පුදුම දක්ෂතාවයක්.

 

රසික ආදරය සහ ජනප්‍රියත්වය කියන්නෙ මොකක්ද කියලා අහන කෙනෙක්ට බය නැතුව අත දිග ඇරලා පෙන්වන්න පුළුවන්, චාමර වීරසිංහව.

 

චාමර වීරසිංහ කියනවටත් වඩා ඔබට මට ඔහුව ළඟ, ''හදවතේ ගායකයා'' කිව්වාම.

 

ඔහු ලබන රසික ආදරය ආකර්ෂණය කොතෙක් ද යන්න ගැන ඊයේ රාත්‍රියත් සාක්ෂි දරනවා ඇති.

 

ඒ ඔහු ලද ''හද සම්මාන'' සැබෑ සම්මාන වේදිකාවන්හිදීත් ඔහු නමින් වෙන්වීම නිසාවෙන්..

 

ඒ අනුවයි ස්ලිම් කැන්ටා (2024 SLIM KANTAR) ජනතා සම්මාන උළලේදී වසරේ හොඳම ගායකයා සම්මානයට ඔහු හිමිකම් කියන්නෙ.

 

ජනතා සම්මානය කියන්නෙම චාමරට අළුත්, නුහුරු, නුපුරුදු දෙයක් නෙවෙයි. නිරායාසයෙන්ම ඔහු නමින් ලැබෙන්නක්.

 

''හදවතින්ම සුබ පැතුම් චාමර අයියෙ

කොහොමත් තව අවුරුදු කල්පයක් යනකල් ඔයාගෙ තැන කාටවත් ගන්න බෑ

ඔයාගෙ රසික රසිකාවියො ඉන්නකම් ඒ තැන කාටවත් දෙන්නෙත් නෑ

මේ විශ්වයේ තව ඔයා වගේ අයෙක් පහළ වේවිදෝ සැකයි

ඉදිරියට තව අවුරුදු 50ට උනත් එක පාර මේ සම්මානය දෙන්න උනත් ඔයා සුදුසුයි

ඒ බලාපොරොත්තුව තියා ගමු ඉදිරියටත්

අනේ ගොඩාක් සතුටුයි චාමර අයියේ

පරිස්සමෙන් සතුටින් ඉන්න, තෙරුවන් සරණයි!!''

 

මෙහෙම කමෙන්ට් ඔහු නමින් සටහන් වෙන්නෙත් ඒකයි.

 

පහුගිය කාලය පුරාවටම චාමරට ආදරේ කරන රසික පිරිස උන්නෙ සෑහෙන කණගාටුවකින්.

 

ඒ ඔහුගේ හදිසි අසනීප තත්ත්වයත් එක්ක.

 

එහෙම අසනීප වුණු ඔහුව සුව කරගන්න හදවතින්ම සුව ප්‍රාර්ථනා ගෙනා පිරිස සෑහෙන්න.

 

එවන් ප්‍රාර්ථනා එක්ක යළි ඔහු වේදිකාවට ගොඩවෙනකල් මඟබලාගෙන උන්නු හිත්වලට මේ වේදිකා සම්ප්‍රාප්තිය සැනසුම් සුසුමක් වූවා නොඅනුමානයි.

 

තමන් වෙනුවෙන් ලැබෙන මේ අසීමිත වූ ගෞරවණීය ආදරයට පෙරළා ගෞරව කරන්නත් ඔහු අමතක කළේ නෑ.

 

අන්න ඒකයි චාමර නාමය හැම හදවතකම උඩින්ම ලියවිලා තියෙන්නෙ.

 

''හිටපු විදියට නම් දැන් ගොඩක් සනීපයි.

ඒත් මට තවම ශෝස්වලට යන්න නම් බෑ තව මාස හතරක් පහක් විතර යනකල් රෙස්ට් කරන්න කියලා තියෙනවා.

පොඩ්ඩක් සද්දෙ අඩුවෙන් කතා කරන්න කියලා තියෙනවා. ඒක තමයි තියෙන්නෙ.

නැත්නම් දැන් හිටපු විදියත් එක්ක සුවයි දැන්.

ඇත්තටම ඉතින් මේ සුව වෙන්න අපේ රටේ රසික රසිකාවියෝ ,අපේ ස්වාමීන් වහන්සේලා ,මගෙ පවුලෙ උදවිය හැමෝම බෝධි පූජා නොයෙකුත් පූජා කළා මට සුව වෙන්න කියලා ,ඉතින් මේක මම අවස්ථාවක් කරගන්නවා ඒ අය සියලුදෙනාටම ස්තුති කරන්න.

ඇත්තටම මට 2017 ඉඳලා ස්ලිම් එකේ සම්මාන තියෙනවා.

මෙදා පාරත් නොමිනේට් වෙච්ච එකට මට ගොඩක් සතුටුයි.

රසිකයින්ගෙ ආදරය නිසා තමයි මම මේ තැන ඉන්නෙ අද.

ඒ සියලුදෙනාටම ආදරෙයි...''

 

ඔහුගේ ආදරණීය බිරිඳත් ,සැමියාට ලැබෙන අසීමිත ආදරය ගැන මේ විදියට වචන එක්කාසු කර තිබුණා.

 

''ඇත්තටම මමත් හිතුවෙ නෑ, මෙච්චර ආදරයක් ඇති කියලා.

කලින් දැකලා තිබ්බා,

ඒත් අසනීප වෙච්ච වෙලේ තමයි දැනගත්තෙ මෙයාගෙ රසිකයෝ මෙච්චරටම ආදරෙයි කියලා. මටත් පුදුම හිතුණා....''

 

 

රසික පිරිස අතරින් විතරක්ම නොවන ක්ෂේත්‍රය තුළ ද චාමරට ඇති ''ලව් එක'' SLIM වේදිකාවේ ජීවමාන කළේ සශිකා නිසංසලා, සඳුන් පෙරේරා, දිමංක වෙල්ලාලගේ ඇතුළු පිරිස විසින්.

 

ඒ මොහොත කාගෙත් හදවත්වල සුවිශේෂී මතකයක් වනු නිසැකයි...

views

277 Views

Comments

arrow-up