“දැනටත් ප්‍රේමයක් ලැබෙමින් පවතිනවා..” - චන්න අළුත් ජීවිතේ ගැන ප්‍රසිද්ධියේ කියුදේ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

“දැනටත් ප්‍රේමයක් ලැබෙමින් පවතිනවා..” - චන්න අළුත් ජීවිතේ ගැන ප්‍රසිද්ධියේ කියුදේ (PHOTOS)

“දැනටත් ප්‍රේමයක් ලැබෙමින් පවතිනවා..” - චන්න අළුත් ජීවිතේ ගැන ප්‍රසිද්ධියේ කියුදේ  (PHOTOS)

තව කොච්චර කාලයක් ගියත්, චන්න පෙරේරා කියන්නෙ එදා උන්නු කඩවසම් රංගන ශිල්පියාම තමයි.

 

ඒ රූපය, ඒ හඬ, රංගන හැකියාව එන්න එන්නම තරුණ වෙනවා මිස වයසට යන පාටක් නම් නෑ.

 

රිදී තිරයේ අතිශය සුවිශේෂී සලකුණක් ඔහු.

 

ඔහු ගැන වඩාත් කතාබහට ලක්වන්නේ සිය රංගන කටයුතු නිසාම විතරක් නෙවෙයි.

 

චන්නගේ පෞද්ගලික ජීවිතයේ යම් ‍යම් කාරණාවන්, විශේෂයෙන්ම ඔහුගේ විවාහය සහ වෙන්වීම අදටත් කවුරුත් කතා කරන මාතෘකාවක්.

 

 

චන්න - ගයත්‍රි අද වෙනකොට වෙන්ව ජීවත් වනවා වුණත්, එදා වගේම අදටත් කතාබහට ලක්වන යුවළක්.

 

ඔවුන් වෙන් වුණාට දෙදෙනා එක්ව දියණියන් දෙදෙනාගේ වගකීම් නොපිරිහෙලා ඉටුකරන අන්දම පැහැදිලිවම දකින්න ලැබෙනවා.

 

''මගේ දියණියන්ගේ අම්මා හැටියට මගේ පළමු බිරිඳ හැටියට මට ඇය ගැන බැඳීමක් තියෙනවා.

ඒ බැඳීම කවදාවත් නැති වෙන්නෙ නෑ. අපි නීතියෙන් ඈත් වුණා කියලා ඇය මං වෙනුවෙන් කරපුවා මට හැමදාම මතකයේ තියෙනවා.

අපි දෙන්නා බොහොම තාරුණ්‍යයේ විවාහ වුණ දෙන්නෙක්.

එතකොට ඒ හරහා අපි හිතන විදිය මුහුකුරා ගිහිල්ලා තිබුණෙ නෑ ඒ කාලෙ.

එහෙම තිබුණා නම් මේ වගේ දෙයක් නොවෙන්නත් තිබුණා.

ඒ කෙසේ වෙතත් ඇය ගැන තිබෙන බැඳීම සහ මගේ පළමු වැනි විවාහක බිරිඳ හැටියට තියෙන සම්බන්ධය කවදාකවත් නැති වෙන්නෙ නෑ.

මම හදවතින්ම ඇගේ දියුණුව අපේක්ෂා කරන කෙනෙක්.

මම ප්‍රාර්ථනා කරන්නෙ ඇය හොඳට ඉන්න කියලා.

අපි අතර මත ගැටීම් තිබුණා. හැබැයි අපි ඒවා ප්‍රසිද්ධියේ විවේචනය කරලා නෑ....''

 

චන්න කියන හැටියට ඔහු මේ ගෙවන්නේ අතිශය නිදහස් ජීවිතයක්....

 

''පියෙක් හැටියට මගේ වගකීම් නොපිරිහෙලා ඉටුකරනවා. මගේ දරුවො සාක්ෂි දරයි.

මට පේනවා ඔවුන් මට අතිශය ආදරේ කරනවා කියලා.

හැබැයි මම ඔවුන්ගේ ජීවිතයට වුණත් අනවශ්‍ය බලපෑම් කරන්නෙ නෑ.

ඒගොල්ලන්ට මම ඒගොල්ලන්ගෙ පාරෙ යන්න ඉඩහැරලා තියෙන්නෙ.

මම හැබැයි පිටිපස්සෙ ඉඳන් බලාගෙන ඉන්නවා. හරි ලස්සනට ඒගොල්ලොත් ඒ ගමන යනවා.

හැබැයි මගෙ බැඳීම්වලින් මම නිදහස් වෙලා තියෙනවා.

මම නීතියෙන් වෙන්වෙලා ඉන්නෙ. ඒ තුළ මට මගෙ නිදහස තියෙනවා.

ඒ නිදහස කියන්නෙ මගෙ දරුවන්ගෙන් ඈත්වීම නෙවෙයි.

මම දරුවන්ට අතිශය ආදරේ කරනවා. ඔවුන් ගැන හොයලා බලනවා.

ඔවුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න ඔවුන් වෙනුවෙන් පෙනී හිටිනවා.

චෝදනා කරන්නවත් පසුතැවෙන්නවත් කිසිම දෙයක් නෑ ජීවිතේ...''

 

චන්න - ගයත්‍රි වෙන්වීම තුළ බොහෝදෙනා බලාගෙන උන්නා ඔවුන්ගේ මීළඟ ප්‍රේම කතාව මොකක්ද කියන එක.

 

එහෙමත් නැත්නම් ඔවුන් යළි ප්‍ර්‍රේමයක පැටලේවිද කියන කාරණය.

 

චන්න ඒ ගැන කියන්නෙ මෙන්න මෙහෙම කතාවක්...

 

''මම ආදරයට හරිම ආදරෙයි. ඒ ආදරය මට ලැබෙනවා.

එතකොට මට ඒක විවාහයකින් කෙළවර කරන්න ඕනි නෑ.

විවාහය කියන බැඳීම නැති වුණාට මම මැරෙනකන් ඒ ප්‍රේමයේම ඉන්නත් පුළුවන්.

ඒක සීමා කරගන්න අවශ්‍ය නෑ.

දැනටත් එහෙම ප්‍රේමයක් ලැබෙමින් පවතිනවා. මම හිතනවා මම එතන නවතියි.

හැබැයි එහෙම කියලා මට මගේ දරුවන් අතරට තව දරුවෙක් එකතු කරන්නවත්, මගෙ පියා කියන බැඳීම කිසිසේත්ම නැති කරගන්නවත් අවශ්‍යය නෑ...

මගෙ දුවලා දෙන්නා තමයි මගෙ ජීවිතේ.

ස්වභාවධර්මයෙන් මට ඒ දෙන්නා දුන්නා, මම මැරෙනකල්ම මගෙ දුවලා දෙන්නා ඒ දෙන්නා.

සොබාදහමෙන් මට දුන්න උතුම්ම තෑග්ග.. මම ඒක පරිස්සම් කරනවා...''

 

චන්න මේ විදියට විවෘතව සිය ජීවිතය ගැන අදහස් දක්වලා තිබුණේ ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් හා සම්මුඛ වෙමින්.

 

''අනවශ්‍ය බැඳීමක් නම් මම බැඳෙන්නෙ නෑනෙ.

ඒක අනවශ්‍ය බැඳීමක් වෙලා නෑ. මට අසීමිත නිදහස තියෙනවා.

ඒක බැඳීමක් කියලා තේරෙන්නෙත් නෑ. ඒ හරහා මට ජීවිතයේ සුන්දරත්වයක් පේනවා.

ඒ කියන්නෙ වෙනස් සුන්දරත්වයක්. ඒ තුළ මම මේ මොහොතේ ජීවත් වෙනවා...''

 

views

425 Views

Comments

arrow-up