“මගේ වැරදුනු තැන් හින්දා මම ආපහු නැති වෙලාම ගියා” - ජනප්‍රිය කඩවසම් නළු දර්ශන් කියු කතාව (PHOTOS)

රංගන ශිල්පියෙක්ට රූපය කියන්නෙ ආශිර්වාදයක්.
ඒ නිසාම ආකර්ෂණීය රූපයක් පවත්වාගෙන යන්න ජනප්‍රිය චරිත නිරායාසයෙන්ම වෙහෙසෙනවා.
හැබැයි එහෙම වැඩි වෙහෙසක් දරන්නෙ නැතුවම කෙනෙක්ට සුන්දර රූපයක් හිමිවීම, සැබවින්ම වාසනාවක්.
එහෙම ආශිර්වාදලත් රූපයක් හිමි නව පරපුරේ නැඟී එන තරුවක් තමයි දර්ශන් තවරාජා කියන්නෙ.
දර්ශන් වැඩිම රසික ආදරයක් ලබන්නේ හිත වශී කරවන ඔහුගේ කඩවසම් පෙනුමට.
ඒ නිසාම දර්ශන් ''තරුණියන්ගේ සිහින කුමාරයා'' වෙලා කිව්වත් වැරදි නෑ.
පහුගිය කාලය පුරාවටම ගීත රූප රචනා ඇතුළු නිර්මාණ කටයුතු කිහිපයක්ම එක්ක ඔහු ඉහළ ජනප්‍රියත්වයක් ලැබුවා.
ඒ වගේම ආයෙම කාලයක් ඔහුව දකින්න ලැබුණෙ නෑ.
ඔන්න ඉතින් දැන් ආයෙමත් දර්ශන් දර්ශන තලයේ අපූරු රූප මවන්න පටන් අරන්.
ඒ ගැන මෙන්න මෙහෙම සටහනකුත් සමාජ මාධ්‍යට එක්කාසු කරන්න ඔහු අමතක කරලා තිබුණෙ නෑ.
''මගෙන් ගොඩක් අය අහල තියනවා ඇයි මම india ගිහිල්ලා Acting වලට try කරේ නැත්තේ කියලා.
ඒ හැමෝටම මම කියල තියන එකම දේ තමයි, මට මම ඉපදුන රටේ මුලින්ම තැනකට එන්න ඔනේ.
එකෙන් පස්සේ තමයි අනිත් ඔක්කොම කියලා.
මොකද අපි වෙන Industry එකක ගිහිල්ල කොචචර කරත් අපේ රටට ආවාම අපේ මිනිස්සු අපිව දන්නේ නැත්තං වැඩක් නැහැ.
ඒ වගේම එක කාලයක් ආවා මාව අපේ රටේ ගොඩක් අය දැනගන්න පටන්ගත්ත, Trending උනා, වැඩ හම්බුනා..
හැබැයි මගේ සමහර වැරදුනු තැන් හින්දා මම ආපහු නැති වෙලාම ගියා.
එත් මම මගේ තීරණය වෙනස් කරේ නැහැ. Hardwork කලා.
මගේ time එකක් එයි, ආපහු මිනිස්සුන්ගෙන් ආදරේ හම්බවෙයි කියලා හිටියා.
ඔන්න එකට වෙලාව හරි කියල හිතනවා.
දැන් මම මගේ Target එකට යනවා.
අපිටම අයිතිවෙන අපේ industry එකට ඇතුලට මාව ගෙනාපු අපේ රටේ මිනිස්සු හැමෝටම ස්තුතියි
සිංහල industry එකේ එහෙම උඹට chance හම්බවෙන්නේ නැහැ කියලා කියපු හැමෝටම මේ වෙලාවේ කියන එකම දේ "බලාපල්ලා බොරුනම්"
රූපය, හැකියාව, දක්ෂතාවය කොහොම එකක් වුණත් හොඳ ප්‍රතිචාර වගේම විවේචන ජනප්‍රිය චරිතයකට පොදු වුණු කාරණාවක්.
දර්ශන්ටත් ඒක එහෙමම තමයි.
308 Views
Comments