මේ දවස්වල කවුරුත් කතා කරන අම්බානිගේ බොහෝදෙනා නොදත් මේ ගැන දැන ගත්තොත් ඇත්තටම ඔබත් පුදුම වේවි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

මේ දවස්වල කවුරුත් කතා කරන අම්බානිගේ බොහෝදෙනා නොදත් මේ ගැන දැන ගත්තොත් ඇත්තටම ඔබත් පුදුම වේවි (PHOTOS)

මේ දවස්වල කවුරුත් කතා කරන අම්බානිගේ බොහෝදෙනා නොදත් මේ ගැන දැන ගත්තොත් ඇත්තටම ඔබත් පුදුම වේවි (PHOTOS)

අනන්ට් අම්බානි - රාධිකා මර්චන්ට් පූර්ව විවාහ උත්සවයත් එක්ක ගොඩක් දෙනා දැක්කෙ අම්බානි පවුලෙ මූල්‍යයමය හැකියාවයි, බාහිර රූප සොබාවයනුයි විතරයි.

 

වැඩිමනත් ''හෑලි'' ලි‍ය වුණෙත් ඒ ගැනම තමයි.

 

එහෙව් කතා රැසක් අතර සඳහන්ව තිබුණු එකක් තමයි ''Vantara'' කියන නම.

 

 

ඇත්තටම මොකක්ද මේ ''Vantara'' කියන්නෙ ?

 

මේ සටහන ඒ ගැන

 

මුකේෂ් අම්බානිගෙ බාල පුත් අනන්ට් අම්බානිගෙ ලෝක ව්‍යාප්ත ''වනජීවී සංරක්ෂණ ව්‍යාපෘතිය'' තමයි මේ 'Vantara' කියන්නෙ.

 

සරලවම ඉන් අරමුණු කරන්නේ ගෝලීය වශයෙන් සතුන් බේරාගැනීම සහ පුනරුත්ථාපනය කිරීමේ කාර්යය.

 

ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව අක්කර 3,000ක භූමි ප්‍රමාණයක් පුරා විහිදුණු එය ලොව විශාලතම සත්වෝද්‍යානය සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය බවට පත්වීමට නියමිතයි.

 

මේ පිළිබඳව Reliance Industries සහ Reliance Foundation විසින් පහුගිය දා දැනුම් දීලා තිබුණා.

 

 

එම නිවේදනයට අනුව ඉන්දියාවේ සහ විදේශයන්හි තුවාල වූ, තර්ජනයට ලක් වූ සතුන් බේරා ගැනීම, ප්‍රතිකාර කිරීම, රැකවරණය සහ පුනරුත්ථාපනය කිරීම කෙරෙහි Vantara වැඩසටහන ක්‍රියාත්මකයි.

 

ගුජරාටයේ හරිත තීරය ලෙස පිළිගැනෙන රිලයන්ස් හි ජම්නගර් පිරිපහදු සංකීර්ණය තුළ අක්කර 3,000ක් මෙමඟින් ආවරණය කරයි.

 

ඒ සඳහාම කැප වූ සෑහෙන පිරිසක් සේවයේ නියුතුයි. විශේෂ පුහුණුව ලත් පශු වෛද්‍යවරුන් ඉන් විශේෂයි.

 

ඒ අනුව සත්ව ජීවිත බේරාගැනීම උදෙසා උසස් වෛද්‍ය ශිල්පීය ක්‍රම සේම දැඩි කැපවීමක් ඔවුන් සතුයි.

 

මෙම සුවිශේෂී කටයුත්ත දියත් කරනු ලැබුවේ 2024 පෙබරවාරි 26.

 

අලි ඇතුන් සඳහා විශේෂිත පහසුකම් සහිත ''වන්තාරා'' ''වනාන්තරයේ තරුව'' යන අරුත් ගෙනෙන බව සඳහන්.

 

ගලවාගත් ජීවි විශේෂ සඳහා පෝෂණ තෝතැන්නක් සැපයීම සඳහා ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කර ඇති මෙය අලි ඇතුන්ට පමණක් සීමා නොවූ දිවියන්, සිංහයන්, කොටියන් සහ කිඹුලන් ඇතුළු විවිධ සතුන් සඳහා නවීනතම නවාතැන් පහසුකම්වලින් සමන්විත භූමියක්.

 

 

ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙය විද්‍යාත්මකව නිර්මාණය කරන ලද සත්ව වාසස්ථානවලට අමතරව, ජල චිකිත්සක තටාක, ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන යනාදියෙන් ද සමන්විත වූවක්.

 

ඒ අනුව එහි රෝහල් සංකීර්ණය MRI, X-ray, ICU, CT ස්කෑන්, ඩයලිසිස්, අල්ට්‍රා සවුන්ඩ් සහ ශල්‍යකර්ම ආදී වූ සියලු නවීන පහසුකම්වලින් අනූනයි.

 

මෙකී ප්‍රතිකාර ක්‍රමවලින් එහාට ගිය ආහාර සැපයීමේ ක්‍රියාවලියත් වඩාත් සුවිශේෂී වූ එකක්.

 

විශේෂඥ සූපවේදීන්ගෙන් සමන්විත වර්ග අඩි 14,000ක ප්‍රමාණයකින් යුක්ත වූ එහි මුළුතැන්ගෙය එක් එක් සත්වයින්ගේ මුඛ සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමුකරමින් විශේෂිත ආහාර වේලක් සපයනු ලබන බව සඳහන්.

 

වාර්තා වන පරිදි මේ වන විට වන්තාරා හි විශේෂ 43ක 2,000කට අධික සතුන් ප්‍රමාණයක් නවාතැන් ලබයි.

 

ඒ 2,100 ක පිරිසකින් යුත් ඔවුන් සඳහාම කැපවූ කාර්ය මණ්ඩලයක කැපවීම මත.

 

මෙම ව්‍යාපෘතිය දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයන් බේරා ගැනීම සහ ඔවුන්ගේ වාසස්ථාන යථා තත්ත්වයට පත් කිරීම ද අරමුණු කරනු ලබන බව සඳහන්.

 

මෙය ස්වභාවධර්මය සඳහා වන ලෝක වනජීවී අරමුදල (WWFN) සහ සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) මෙන්ම ඉන්දියාවේ සත්වෝද්‍යාන අධිකාරිය වැනි ඉන්දියානු රජයේ ආයතන සමඟ එක්ව සත්වෝද්‍යානවල ප්‍රමිතීන් ඉහළ නැංවීමට ද සැලසුම් කරන බවයි වාර්තා වන්නේ.

 

මේ සුවිශේෂී කටයුත්ත ගැන අනන්ට් අම්බානි මේ විදියට අදහස් දක්වා තිබුණා.

 

"ඉතා කුඩා අවධියේදී මගේ ආශාවක් හැටියට ආරම්භ වූ දෙය දැන් ''වන්තාරා'' සමඟ මෙහෙයුමක් බවට පත්වෙලා.

අපි ඉන්දියාවට ආවේණික වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයන් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා.

ඔවුන්ගේ වාසස්ථාන යථා තත්ත්වයට පත් කිරීමට ද අපිට අවශ්‍යයි.

වන්තාරා කියන්නෙ නවීන විද්‍යාත්මක හා තාක්‍ෂණික වෘත්තීමයභාවයේ විශිෂ්ටත්වය සමඟ දයානුකම්පාවේ සංකලනයක්.

සත්ව රැකවරණය මම දකින්නේ මිනිසුන් සඳහා වූ සේවයක් ලෙස.

මෙය කිරීමට මාව පෙළඹවූයේ මගේ මව. හින්දු ආගමේ කියනවා සතුන් දෙවියන්ට ප්‍රිය කරන බව."

“අපි නවීන තාක්ෂණයෙන් යුත් පශු වෛද්‍ය රෝහලක් නිර්මාණය කර තිබෙනවා.

රෝහලේ MRI සහ CT ස්කෑන් යන්ත්‍ර, එන්ඩොස්කොපික් රොබෝ සැත්කම් යන්ත්‍ර සහ ශල්‍ය මධ්‍යස්ථාන 6ක් තිබෙනවා.

මෙහි සත්වෝද්‍යානය ළඟදීම මහජනතාවට විවෘත කරනවා..."

 

 

ඉතින්, පහුගිය දවසක යෙදී තිබුණු අනන්ට් අම්බානි - රාධිකා මර්චන්ට් යුවළගේ තෙදින පූර්ව විවාහ උත්සවයේදීත් මේ ''වන්තාරා'' ව්‍යාපෘතිය ගෝලීය අවධානයක් දිනාගෙන තිබුණා.

 

ඒ එම උත්සවයට සහභාගී වූ අමුත්තන් වනාන්තර තේමාව රැගත් ඇඳුම් පැළඳුම්වලින් ඊට එක්කාසු වීම නිසාවෙන්.

 

 

views

268 Views

Comments

arrow-up