22කේ පෙම්වතිය එක්ක ජංගල් බීච් ගිහින් අතුරුදන් වූ 17 තරුණයාට ඇත්තටම මොකද වුණේ? - පෙම්වතිය ගැන ඥාතීන්ට සැකයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

22කේ පෙම්වතිය එක්ක ජංගල් බීච් ගිහින් අතුරුදන් වූ 17 තරුණයාට ඇත්තටම මොකද වුණේ? - පෙම්වතිය ගැන ඥාතීන්ට සැකයක්

22කේ පෙම්වතිය එක්ක ජංගල් බීච් ගිහින් අතුරුදන් වූ 17 තරුණයාට ඇත්තටම මොකද වුණේ? - පෙම්වතිය ගැන ඥාතීන්ට සැකයක්

ඔහු දින 15ක් තිස්සේ අතුරුදන්..

 

ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ පදිංචි සෙනුක දේශාන් නම් සිසුවෙක් සිය පෙම්වතිය සමඟ  මුහුදු වෙරළට ගොස්  ඇති අතර එහිදී ඔහු නැවතත් නිවස බලා පැමිණ තිබුණේ නැහැ..

 

කෙසේ වෙතත් පසුගිය මාර්තු 18 වනදා සිට අතුරුදන්ව සිටින අතර, ඔහු එදින පෙරවරුවේ සිය නිවසින් පිටව ගොස් තිබුණේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවකට සහභාගී වන බව මවට පවසමින් බවයි ඥාතීන් පොලීසියට දැනුම් දී තිබුණේ.. අතුරුදන් වූ සිසුවා 17 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ පෙම්වතිය වයස 22ක තරුණියක්..

 

තරුණයා අතුරුදන්වන දිනයේදී ඔහු සිය පෙම්වතිය සමග සවස් කාලයේ ගාල්ල ජංගල් බීච් වෙත ගොස් ඇයගේ උපන්දිනය සමරා ඇති බවට පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා..

 

දිගින් දිගටම පොලීසිය සිදුකළ ප්‍රශ්නකිරීම් හමුවේ අදාළ තරුණිය ප්‍රකාශ කර ඇත්තේ, ජංගල් බීච් හි රැඳී සිට ආපසු පැමිණීමට සූදානම් වෙද්දි එක්වරම පැමිණි රළ පහරකට ඔවුන් දෙදෙනා මුහුදට ඇදවැටුණු බවයි.. තමන් ඉන් බේරුණු නමුත් පෙම්වතා දියේ ගිලුණු බව ඇය පොලීසියට පවසා තිබුණා..

 

කෙසේවෙතත්  අවස්ථා කිහිපයකදී සිද්ධිය පිළිබඳ පොලීසියට පැමිණිළි කර ඇති සෙනුකගේ ඥාතීන් පවසන්නේ පෙම්වතිය පවසන කරුණු පිළිබඳව සැක පවතින බවයි..

 

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හබරාදූව පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන බවයි.

views

291 Views

Comments

arrow-up