දුක් මහන්සි වී ගොඩනගාගත් නිවස විනාශ වී ඇති අයුරු දැක පියා හෘදයාබාධයකින් අවසන් ගමන් යයි

ඉමහත් වෙහෙසක් දරා ඉදිකරගත් තම නිවසට කොස් ගසක් පෙරළී නිවස විනාශ වී ඇති අයුරු දැකීමෙන් හෘදයාබාධයකින් එම ස්ථානයේදීම ක්ෂණිකව මියගිය සන්දියම්ගේ දරු පවුල මේවන විට දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇත.
මතුගම ඉඩම් ප්‍රතිශක්තිකරණ කොමිෂන් සභාව සතු මද්දෙගෙදර වත්තේ පදිංචිව සිටි එස්. සන්දියම් මහතා වෘත්තියෙන් කුලී රැකියාවක් කරමින් තම බිරිඳ හා දරු තිදෙනා සමග ජීවත් වීමට ඉමහත් වෙහෙසක් දරා නිවසක් ඉදිකර ගත්තේ මාස කිහිපයකට පෙරදීය. වැඩ අවසන් නොවූවද එම කැදැල්ල තුළ ඔවුන් සතුටින් ජීවත්විය.
එහෙත් පසුගිය මස (05දා) සන්දියම් රැකියාවට ගොස් සිටි අවස්ථාවේ පෙරවරු දහයයි තිහට පමණ සන්දියම්ගේ නිවස මතට කොස් ගසක් පෙරළී නිවසට දැඩි හානි සිදුව ඇත. මෙම ආරංචිය ලද විගස සන්දියම් 11.20 වනවිට නිවස අසලට පැමිණි විටදී තමන් දැඩි වෙහෙසක් දරා ඉදිකරගත් නිවසට සිදුව තිබූ විනාශය දැකීම හේතුවෙන් හෘදයාබාධයකින් එම මොහොතේ එම ස්ථානයේදීම මරණයට පත්ව ඇත.
පසුදා මෙම ඛේදවාචකය පිළිබඳ දැනුවත් වු මතුගම ප්‍රාදේශීය ලේකම් මධුෂ සංකල්ප මහතා විසින් රුපියල් විසිපන්දහසක මුදලක් මියගිය සන්දියම්ගේ බිරිඳ වන එස්. මාග්‍රට් මහත්මිය ලබාදුනි. මෙතෙක් රජයෙන් ලැබී ඇත්තේ එම මුදල පමණකි.
එසේම මද්දෙගෙදරවත්ත හිමි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් නිවස මතවූ කොස්ගස කපා එම ගස එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙස උපදෙස් දී ඇත. එම අවස්ථාවේදී මාග්‍රට් මහත්මිය යළි නිවස යථා තත්ත්වයට ඉදිකර ගැනීමට තමන්ට වැටී තිබූ කොස්ගස ලබාදෙන ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියද එය සිදුකළ නොහැකි බව එම නිලධාරීන් පවසා ඇත.
පාසල් අධ්‍යාපනය ලබනා එකොලොස් වියැති දියණිය, හය හැවිරිදි පුතු හා තුන්හැවිරිදි පුතු සමග තමන් මේවන විට ජීවත්වන්නේ ආසන්නයේ පිහිටි සහෝදරයකුගේ නිවසකය. තම පවුල සුරැකි තම ස්වාමියා මියයෑම හේතුවෙන් තමන් හා දරු තිදෙනා උන්හිටිතැන් අහිමිව දැඩි ආර්ථික අසරණ තත්වයකට පත්ව ඇති බව මාග්‍රට් මහත්මිය පැවසුවාය.
මාග්‍රට් මහත්මිය රජයේ බලධාරීන්ගෙන් මෙන්ම ඇති හැකි ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ තම නිවස ඉදිකර ගැනීමට හා දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට සහයෝගය ලබාදෙන ලෙසයි. මේ සම්බන්ධව තවදුරටත් විස්තර 0762874944 දුරකථන අංකයෙන් ලබාගත හැක.
350 Views
Comments