ෆෝන් එක කනේ තියාගෙන රේල් පාරේ ගිය තරුණයෝ දෙන්නාට අත්වුණු අවාසනාවන්ත ඉරණම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

ෆෝන් එක කනේ තියාගෙන රේල් පාරේ ගිය තරුණයෝ දෙන්නාට අත්වුණු අවාසනාවන්ත ඉරණම

ෆෝන් එක කනේ තියාගෙන රේල් පාරේ ගිය තරුණයෝ දෙන්නාට අත්වුණු අවාසනාවන්ත ඉරණම

ජංගම දුරකතන ඇමතුමක් ලබාගනිමින් දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණයන් දෙදෙනකු වදුරව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද(25) අලු‍යම දුම්රියක ගැටීමෙන් මරණයට පත්ව ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

 

මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ වදුරුව ප්‍රදේශයේ පදිංචිව සිටී 18 හැවිරිදි සහ 19 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.

 

මියගිය තරුණයන් දෙදෙනාගේ නිවෙස් දුම්රිය මාර්ගය ආසන්නයේම පිහිටා තිබෙන අතර, විනෝද චාරිකාවක් යාම සදහා උදෑසනම සූදානම් වී වදුරව දුම්රිය ස්ථානය දෙසට දුම්රිය මාර්ගය ඔස්සේ දෙදෙනා පා ගමනින් ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

 

දෙදෙනා දුරකතන ඇමතුමක යෙදෙමින් ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ පිටුපසින් පැමිණ බදුල්ල සිට කෝ‍රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

views

358 Views

Comments

arrow-up