“මෙන්න මේ විදියටත් ලස්සන කියන එක එලියට දෙන්න පුලුවන් කියල ගොඩක් අය දනනෙ නෑ” - සුරූපී සජානාට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර (PHOTOS)

''සජානා වනිගසූරිය'' ඈට තියෙන්නෙ හරිම ලස්සන රූපයක්. හිත නිවෙන, භාවනාවක් වැනි රූපයක්.
"උණුහුම" ''සඳනාරි'' වැනි අතිශය ජනප්‍රිය ගීත රූප රචනා තුළින් රසික ආදරය දිනූ ඇය, නිතර නිතර දකින්න නොලැබුණත් සිය ජනප්‍රියත්වය එක සේ තබාගෙන ඇති සුන්දර තාරකාවක්.
විවාහයත් එක්ක නිර්මාණ ඔස්සේ දකින්න නොලැබුණු සජානාගේ සුන්දර සේයා රුව, පහුගිය දවසක කාගෙත් වැඩි කතාබහට ලක්ව තිබුණා.
ඡායාරූපය අරන් තිබුණේ කසුන් - මාධවී දෙන්නගෙ වෙඩිමෙදි.
මංගල උත්සවේ ඡායාරූප අතරෙ කාගෙත් ඇස් නතර වෙලා තිබුණෙ මේ අපූරු කැදැල්ල ළඟ.
විවාහයෙන් පස්සෙ සජානා ගැන කිසිදු තොරතුරක් ආරංචි වුණේ නෑ. විශේෂයෙන්ම කලා කටයුතුවලටත් ඇය සහභාගී වුණේ නෑ.
ඈට ආදරේ කරන කාටත් ඒ කාරණාව තරමක වේදනාවක් බවත් නොකියාම බෑ.
ඒ නිසාමයි කලකට පසු ඇස ගැටුණු ඇගේ සේයාරුවට මෙවන් ප්‍රතිචාර ලැබී තිබුණේ...
''අපරාදේ සෑහෙන වැඩක් ගන්න තිබ්බ ටැලන්ට් එකක්
ආසම personality එකක්.
චාම්,ලස්සනයි,අනික අඳින පළඳින විදිය. තනිකරම දැක්කම හිත නිවෙන ලස්සනක් තියෙන්නෙ.
ලංකාවේ නිලියො කියල හිතන් ඉන්න ගොඩක් උන් හිතන් ඉන්නෙ හෙලුවෙන් නැටුවාම මාර නිලියක් වෙනව කියල.
මෙන්න මේ විදියටත් ලස්සන කියන එක එලියට දෙන්න පුලුවන් කියල ගොඩක් උන් දන් නෑ.''
2740 Views
Comments