ලෝක ශූර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම, අගමැති මෝදිව හමුවෙයි - විශේෂ කේක් එකකුත් කපලා (PHOTOS)

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම ඊයේ (04) උදේ කාලයේ, අගමැති නරේන්ද්‍ර මෝදිව මුණගැහිලා තිබුණා.
ඒ, නවදිල්ලියේ ලෝක් කල්යාන් මාර්ග් හි පිහිටි අගමැති නිවසේදී.
එහි කණ්ඩායම වෙනුවෙන් උදෑසන අහාරය ද සූදානම් කර තිබූ බව සඳහන්.
ඒ විතරක් නෙවෙයි ලෝක කුසලාන ජය සමරන්න විශේෂ කේක් එකකුත් කපලා.
ඉන්දීය කණ්ඩායම සහ අගමැතිවරයා අතර හමුව පැයක පමණ කාලයක් ඇදී ගිහින්.
හමුව අතරතුර මෝදි, කණ්ඩායමට සුබපැතුම් එක්කාසු කරන්නත් අමතක කරලා නෑ.
විස්සයි 20 ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පස්සෙ ඉන්දීය කණ්ඩායම ඊයේ අලුයම් කාලයේදීයි නවදිල්ලි නුවරට ළඟාවී තිබුණෙ.
එහෙම පැමිණි ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් ලැබී තිබුණා.
අගමැතිවරයා සමඟ වූ හමුවෙන් අනතුරුව කුසලානය රැගෙන විවෘත බස් රථයක නැඟී සංචාරයක් ද වණ්කඩේ ක්‍රීඩාංගණයේ දී උපහාර උත්සවයකට ද සහභාගී වීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නෙ.
218 Views
Comments