සුපිරි නිළි සමන්තාගේ හිටපු සැමියා වන නාගා සෝභිතා සමඟ විවාහ වෙයි (PHOTOS)

සමන්තා රූත් ප්‍රභූගේ හිටපු සැමියා වන තෙළිඟු සිනමා නළු, Naga Chaitanya යළි විවාහ ගිවිසගෙන.
ඒ, ඉන්දියානු නිළි Sobhita Dhulipala එක්ක.
නාගා - සෝභිතා දෙන්නත් එක්ක පටන් ගත්ත අළුත් ජීවිතේට නාගාගේ පියා, නාගර්ජුන විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ආශිර්වාද එක්කාසු කරලා තිබුණා.
ඒ නිකන්ම නෙවෙයි, ගිවිස ගැනීමේ උත්සවයේ පින්තූරත් එක්කම.
සුබපැතුම් සටහනේ නාගර්ජුන විශේෂයෙන් ම සඳහන් කරලා තිබුණේ, සෝභිතාව සිය පවුලට එකතු කරගැනීම ගැන වඩාත් සතුටු වන විත්තිය. ඒ වගේම දෙන්නට ආදරය හා සතුට පිරි ජීවිතයක් ද ප්‍රාර්ථනා කරලා තිබුණා.
ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව නාගා - සෝභිතා විවාහ ගිවිස ගැනීම සංවිධානය වෙලා තිබුණෙ හයිද්‍රාබාද් හි පිහිටි නාගර්ජුනගේ නිවසේ. ඊට පවුලේ සමීපතමයින් විතරක් සහභාගී වුණු බව සඳහන්.
නාගාගේ ‘දෙවන විවාහය’ ගැන කතා පැතිරෙන්න ගත්තෙ ගෙවුණු වසරේ සැප්තැම්බර් මාසයේදී. නමුදු ඒ සියල්ල ම නාගාට සමීප ආරංචි මාර්ග විසින් ප්‍රතික්ෂේප කරලා තිබුණා.
කොහොම නමුත් සෝභිතා එක්ක තිබුණු සම්බන්ධය ගැනත් නිල තහවුරු කිරීමක් නොතිබුණු නිසාම ඒවා හුදු කටකතා විතරක් ම වුණා. හැබැයි දෙන්නා අතර සම්බන්ධයක් තියෙනවා කියන අනුමානයට ඕනෑ තරම් සාක්ෂිත් තිබුණා.
ඒ සියල්ල එක්කයි, දෙන්නගෙ විවාහ ගිවිසගැනීම ගැන නිල ආරංචිය එළියට එන්නෙ.
නාගා - සමන්තා රූත් ප්‍රභූ වෙන්වීම සිද්ධ වෙන්නෙ 2021 දී. ඒ කාලයේ පටන්මයි නාගා - සෝභිතා ආදර කතාව ගැනත් ආරංචි මතුවෙන්න ගත්තෙ....
402 Views
Comments