“ඒ දවසෙ අප්පච්චි ළඟ නැති අඩුව තදින්ම පපුවට දැනුනා” - උතුම් මව් පදවියට සැරසෙන මාධවී කියූ සංවේදී කතාව (PHOTOS)

කසුන් - මාධවී කැදැල්ලෙන් කිරි සිනහා ඇහෙන දවස් ළඟ ළඟම එනවා.
ඒ සුබ ආරංචිය ගැන මාධවී කාටත් කිව්වෙ, ඇගේ උපන්දිනය දවසෙ. අපූරු ඡායාරූප එකතුවක් එක්කමයි.
මේ ආරංචිය ගැන ආදරේ කරන කාටත් කියන්න, කසුන් - මාධවී දෙන්නා ලස්සන දවසක් එනකල් මග බලාගෙන ඉඳලා.
'අම්මා' කෙනෙක් වෙන්න යනවා කියන හැඟීම ගැන දන්නෙ 'අම්මා' කෙනෙක් ම විතරයි.
මාධවී මේ දවස් ගෙවන්නෙ ඒ ආදරණීය හැඟීම් එක්ක.
හදවතට දැනෙන එවන් සොඳුරු හැඟුම් විටින් විට ඇය වචන කරන්නත් අමතක කරන්නෙ නෑ.
මේ එහෙම ඇය උපන්දිනය දා තබන ලද එක් සටහනක්...
''අද ජීවිතේ අමුතුම හැඟීමක් දැනුන දවසක්...
මට හුඟක් කාලෙකින් මගේ හැඟීමට, මං පත්ව ඉන්නා අවස්තාවට හැමෝම සහෘද වුනා, සංවේදී වුනා කියලා දැනුනා.
ඒක මට හරිම දුර්ලභයි.
ඉතිං මුලින්ම කියන්නම් දවස පුරා දස අතින් ගලගෙන ආපු සුවහසක් සුබපැතුම් සහ ආශිර්වාද වලට ස්තූතියි !
මේ තමයි මට ලස්සනටම සමරන්න පුළුවන් උපන්දිනය.
මං හිතන්නෙ අවුරුදු ගානක් නෙවෙයි ආත්ම ගානක් මම බලන් ඉන්න ඇති මේ හැඟීම විඳගන්න.
නමුත් ඒ දවසෙදි මගෙ රත්තරං අප්පච්චි මං ලඟ නැති අඩුව තදින්ම පපුවට දැණුනා.
ඒත් ඒ අඩුව මට දැනෙන්න නොදෙන්න මගෙ කසුන්, අම්මා සහ අක්කා අපේ අම්මා දාත් බාප්පා චූටි මල්ලි ඇතුලු නෑදෑ යාලු සනුහරේ ඇත්තෝ හුඟක් මහන්සි වුනා.
ඒ හැමෝමටත් හුඟක් පිං!!
මේ තමයි මම වෙනුවෙන් නිර්මාණය වෙච්ච ලස්සනම කේක් එක.
අපේ පුංචි පැංචා/ පැංචිත් ඉන්නවා දැක්කද? ''
385 Views
Comments