ආරවුලෙන් පසු විදුලි පංකාවෙන් බිරිඳට ගැසූ පහර පුතුට වැදී බරපතළයි - ඊට වන්දි ගෙවන්න සැමියා කරගත්දේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

ආරවුලෙන් පසු විදුලි පංකාවෙන් බිරිඳට ගැසූ පහර පුතුට වැදී බරපතළයි - ඊට වන්දි ගෙවන්න සැමියා කරගත්දේ

ආරවුලෙන් පසු විදුලි පංකාවෙන් බිරිඳට ගැසූ පහර පුතුට වැදී බරපතළයි - ඊට වන්දි ගෙවන්න සැමියා කරගත්දේ

මට්ටක්කුලිය කදිරාන වත්තේ දී අඹුසැමි ආරවුලක් අතර තුර විදුලි පංකාවක බදකොටසකින් පියා මවට එල්ල කළ ප්‍රහාරයක් අසල සිටි 12 හැවිරිදි පිරිමි දරුවෙකුගේ හිසේ වැදී දරුවා බරපතළ තුවාල ලබා කොළඹ ඊජ්ගේ ආරියා ළමා රෝහලට ඇතුළත් කර ඇතැයි මට්ටක්කුලිය පොලිසිය පවසයි.

 

තුවාල ලැබූ දරුවා බිරිඳ අසල්වාසීන් සමග එක්ව රෝහල වෙත රැගෙන යනු ලබද්දී සැකකාර පියා නිවසේ කාමරයේ බාල්කයේ එල්ලී සිය දිවි හානිකර ගෙන ඇතැයිද පොලිසිය පවසයි.

 

මියගිය පුද්ගලයා අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින්නෙක් බවත්, ඔහු මත්ද්‍රව්‍ය භාවිතා කර ඉකුත් 5 දින නිවසට පැමිණ එහි දේපළවලට හානි කරමින් බිරිඳ සමග ආරවුල් ඇති කරගෙන ඇති බවත්, එම ආරවුල් දුරදිග යාමෙන් සැකකරු නිවසේ තිබූ විදුලි පංකාවක බඳ කොටස ඔසවා ඉන් බිරිඳට පහර දුන් අවස්ථාවේ ඒ අසල සිටි ඔහුගේ දරුවාට වැදී දරුවා සිහිසුන්ව ඇදවැටී ඇති බවත් පොලිසිය පවසයි.

 

සිහිසුන්ව සිටි දරුවා ඔහුගේ මව අසල්වාසීන්ගේ සහයෙන් කොළඹ ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ මව දරුවා අසල සිට ඇත. සිද්ධියෙන් බියට පත් 34 හැවිරිදි සැකකරු නිවසේ බාල්කයේ එල්ලී සියදිවි හානි කරගෙන සිටි බවද පොලිසිය කියයි.

 

අධික ලෙස අයිස් පානයට ඇබ්බැහිව සිටි මෙම පුද්ගලයා නිතර නිතර සිය බිරිඳට පහර දෙමින් නිවසේ දේපළවලට හානි කරන පුද්ගලයෙක් බවද පොලිසිය පවසයි.

views

441 Views

Comments

arrow-up