කේට්ගේ මංගල මුදුව අතුරුදන් - මව්වරුන්ගේ දිනයට නිකුත් කළ රාජකීයන්ගේ ආන්දෝලනාත්මක ඡායාරූපය (PHOTOS)

එක්සත් රාජධානියේ මව්වරුන්ගේ දිනය සමරන්නේ පාස්කු ඉරිදාට සති තුනකට පෙර. ඒ අනුව මෙවර (2024) එය යෙදී තිබුණෙ මාර්තු 10.
ඒ වෙනුවෙන් වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන්ගේ ඡායාරූපයක් නිකුත් කර තිබුණා. ඒ සිය දරුවන් වටකරගෙන, හිනාවෙන් මූණ පුරවාගත් එකක්.
මේ ඡායාරූපය වැඩි වෙලාවක් යන්න ඉස්සරම ජාත්‍යන්තර මාධ්‍ය වේදිකාවේ පුවත් මවන්න ගත්තා.
ඒ 'රාජකීය සාමාජිකයින්ට හානියක්' සහ 'සෞඛ්‍ය යාවත්කාලීන කිරීම් විශ්වාස කළ හැකිද යනුවෙන් ජනතාව ප්‍රශ්න කරනු ඇති' බවට කරන ලද සඳහන් කිරීම් එක්ක.
ඡායාරූපය වඩාත් විශේෂව තිබුණේ එය කේට් කුමරිය සිය උදර සැත්කමෙන් පසු පෙනීසිටි පළමු ඡායාරූපය වීම නිසාවෙන්.
කොහොම නමුත් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වේදිකා කිහිපයක්ම මෙම සේයාරුව ඉවත්කරගෙන.
මේ නිකුත් කිරීමත් එක්ක කෙන්සිංටන් මාලිගය ප්‍රශ්න රැසකට මුහුණ දීලා.
ඡායාරූපය විලියම් කුමරු විසින් ගන්නා ලද එකක් බව සඳහන්.
බොහෝදෙනා පෙන්වා දෙන්නේ මෙය ඩිජිටල් අවකාශයේ යම් යම් සංස්කරණයන්ට ලක්ව ඇති බවක්.
ඒ අනුව එහි ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි දෝෂ සහගත තැන් කිහිපයක්ම නරඹන්නන්ගේ ඇස ගැටිලා.
ඇත්තටම කිව්වොත් ''උකුසු ඇසට'' ලක්වෙලා !!
එහිදී ලුවී කුමරුගේ අත්වල සිට ඇඳුම් රටා හා නොගැළපෙන රේඛා දක්වා සූක්ෂම ඇස් දිවගිහින්.
මෙහි 'සංස්කරණ දෝෂ' හැටියට ප්‍රධාන වශයෙන් මතුව තිබුණේ කේට්ගේ මංගල මුදුව නැති අත.
කොහොම නමුත් ප්‍රශ්න පිට ප්‍රශ්න නඟන මෙම ''නිල ඡායාරූපය'' සම්බන්ධයෙන් මාලිගය ''නිල ප්‍රකාශයක්'' නම් නිකුත් කරලා තිබුණෙ නෑ.
පසුව එවන් සටහනක් එක්කාසු කළත් ඡායාරූපයත් එක්ක මතුවුණු වැදගත්ම කාරණය වුණේ කේට්ගේ සෞඛ්‍යමය යාවත්කාලීන කිරීම්.
ඒ අනුව රාජකීය විචාරකයින් පෙන්වා දෙන්නේ,
''ඔවුන් මීළඟට සෞඛ්‍ය යාවත්කාලීනයක් නිකුත් කරන විට, ඔවුන්ව විශ්වාස කළ හැකිද යන්න ජනතාව දැන් ප්‍රශ්න කරනු ඇත...' යනුවෙන්.
නමුත් ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි ස්ටෝරි සටහනක සඳහන්ව තිබුණා, මව්වරුන්ගේ දින ඡායාරූපය සංස්කරණය කළ එකක් බවත් එම පවුලේ ඡායාරූපය නිසාවෙන් ඇති වූ ඕනෑම ව්‍යාකූලත්වයකට සමාව අයැද සිටින බවත්.
ඒ වගේම චාලට්ගේ බොඳ වූ සායත්, කේට්ගේ නොගැළපෙන ජැකට් සිපර් එකත්.
8488 Views
Comments