“කිසිම මාර්තු 1වෙනිදාවක් මගේ උපන්දිනයට තව දින 15යි කියලා මම මෙච්චර සතුටකින් ඉදලා නෑ” - අකිලගේ උපන්දින තෑග්ග හුරතල් පුතු පැටියෙක් ?
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

“කිසිම මාර්තු 1වෙනිදාවක් මගේ උපන්දිනයට තව දින 15යි කියලා මම මෙච්චර සතුටකින් ඉදලා නෑ” - අකිලගේ උපන්දින තෑග්ග හුරතල් පුතු පැටියෙක් ?

“කිසිම මාර්තු 1වෙනිදාවක් මගේ උපන්දිනයට තව දින 15යි කියලා මම මෙච්චර සතුටකින් ඉදලා නෑ” - අකිලගේ උපන්දින තෑග්ග හුරතල් පුතු පැටියෙක් ?

ඇන්තනී පවුල මේ දවස්වල මඟබලාගෙන ඉන්නෙ, පවුලට එක්කාසු වීමට නියමිත අළුත් අමුත්තාව ආදරයෙන් පිළිගන්න.

 

ඒ දවස එනකල් ඇඟිලි ගණින්නේ අකිල - එමී ප්‍රමුඛ ඇන්තනී පවුල විතරක්ම නෙවෙයි.

 

ඔවුන්ට ආදරේ කරන රසික පිරිසත් මේ දවස එනකල් බලාගෙන ඉන්න බව විශ්වාසයි.

 

එන්න ඉන්න අලුත් අමුත්තා පුතු පැටියෙක්. ඒ බව මීට ඉස්සර කාටත් කියලා තිබුණෙ.

 

හැබැයි එයා එන්නෙ කවද්ද කියන එක නම් තවම රහසක්.

 

කවුරුත් ඒ ගැන විමසිල්ලෙන් පසුවන මොහොතකයි අකිලගෙ අපූරු ෆේස්බුක් සටහනක් ළඟ කාගෙත් ඇස් නතර වෙන්නෙ.

 

අකිල මේ කියන්නෙ සිය උපන්දිනය ගැන. එහි ඔහු විශේෂ කරලා තියෙනවා, එදාට තමන්ගෙ උපන්දිනය විතරක් යෙදී නොමැති විත්තිය.

 

''කිසිම මාර්තු 1වෙනිදාවක් මගේ උපන්දිනයට තව දින 15යි කියලා මම මෙච්චර සතුටකින් ඉදලා නෑ

සමහර විට එදාට මගේ උපන්දිනය විතරක්ම නෙමෙයි හින්දා වෙන්නැති මෙච්චර සතුටක්

හැමෝගේම ජීවිත එලියවෙන ,නව පණක් දෙන ජයග්‍රාහී මාර්තු මාසයක් වේවා !!!''

 

ඉතින් මේ කතාව කියෙව්ව කාගෙත් අනුමානය වෙලා තිබුණේ අකිලගේ පුතු පැටියා ඉපදෙන්නෙත් එදාටම කියන කාරණය.

 

ඇත්තටම එහෙම උපන්දින තෑග්ගක් ලැබීම, තාත්තෙක්ට කොච්චර නම් සතුටක් ළඟා කරාවිද...

 

එහෙනම් අපි බලාගෙන ඉමු, ඒ ලස්සන දවස එනකල්....

views

12454 Views

Comments

arrow-up