“ඇයි දෝණි මෙහෙම හැසිරෙන්නෙ?” - ප්‍රේක්ෂකයින් ඉදිරියේ සීමා මායිම් නොතැකූ “හනා”ට ආ විරෝධය

ඈ 'හනා ෂාෆා'... ඈටම අනන්‍ය 'විලාසිතාවකින්' ගී ගැයූ ඈ බොහෝමයක් ඉක්මණින් ප්‍රේක්ෂකාගාරය 'වසඟය'ට ගන්නවා.
'හනා'ගේ 'විස්මකර්ම' බොහෝමයක් දූපතේ උන්ට 'අදහාගත' නොහැකි අන්දමේ දේ වුණත්..... අනෙක් අතට ඈ 'විවේචනයට' ලක් කෙරූ පිරිස් ද නොහිටියා නොවේ.
ඒ වගේම... 'හනා' ප්‍රවීණ ගායන ශිල්පී 'හරුන් ලන්ත්‍රා'ගේ මිණිබිරියක් බැව් ගොඩක් අය දන්නෙ නෑ.
කොහොම වුණත් 'හනා ෂාෆා' මේ හිටි හැටියේ ම සමාජ මාධ්‍යයේ කතාබහ වෙන්න හේතුවක් තියනවා.
ඒ ඇගේ 'සරාගී' නර්තනයක්. ගීතයක් ගයන අතරේ ඈ ඇගේ 'ඇඳුම් ආයිතම්' එහා මෙයා යවමින් සිදු කෙරූ මේ 'සරාගී නර්තනය'ට මේ වෙනකොටත් සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙක් 'පහර දෙමින්' ඉන්නවා. ප්‍රසංගට නැරඹූ 'පිරිස්' සන්තෝස වුණා වුණත්.... එහි වීඩියෝ පට දැකපු පිරිස් නම් කෝප වෙලා තිබුණා.
කොහොමත් 'හනා'ගේ විලාසිතා බොහෝමයකුත් විටින් විට බොහෝ පිරිසකගේ විවේචනයට ලක්වුණා.
නමුත් හැනා නම් කියන්නෙ ඇය නිරන්තරයෙන් 'විලාසිතා' සම්බන්ධයෙන් නවමු 'අත්හදා බැලීම්' සිදු කිරීමට ප්‍රිය කරන බවයි.
'මම අලුත් දෙයක් කරන්නයි නිතරම උත්සාහ කරන්නෙ. මට කරන්න පුළුවන් අලුත් දේ මං කරනවා. ඒක ගැන හිතන් නෑ... ෆැෂන් කරද්දි ඉතින් දිගට අඳිනවා, කොටට අඳිනවා... එහෙම තියනවනේ... මං හරි ආසයි ෆැෂන් කරන්න...'
ඇයව විවේචනය කළ 'ප්‍රේක්ෂකයින්' දැක්වූ අදහස් කිහිපයක් පහතින්...
317 Views
Comments