ගුරිවරියට බැන්නැයි කියා කරවටු කරන්න ගිය නියෝජ්‍ය විදුහල්පතිට පහරදුන් පාසල් සිසුවාට නවතින්න වූ තැන
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

ගුරිවරියට බැන්නැයි කියා කරවටු කරන්න ගිය නියෝජ්‍ය විදුහල්පතිට පහරදුන් පාසල් සිසුවාට නවතින්න වූ තැන

ගුරිවරියට බැන්නැයි කියා කරවටු කරන්න ගිය නියෝජ්‍ය විදුහල්පතිට පහරදුන් පාසල් සිසුවාට නවතින්න වූ තැන

මොනරාගල අධ්‍යාපන කලාපයට අයත් බඩල්කුඹුර පාසල්ක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු විසින් පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

ශිෂ්‍යයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී ඇති අතර ඒ අසලින් ගිය ගුරුවරියක ඒ පිළිබඳ සිසුන්ගෙන් විමසා තිබේ.

 

එහිදී අදාළ පාසල් ශිෂ්‍යයා ගුරුවරියට පරුෂ වචනයෙන් බැණ වැදී ඇත.

 

ඇය විසින් මේ පිළිබඳව විදුහල්පතිවරයාට දැනුම්දීමෙන් අනතුරුව විදුහල්පතිවරයා විසින් පාසල් ශිෂ්‍යයා කාර්යාලයට ගෙන්වාගෙන තිබේ.

 

ඒ අසල සිටි පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ශිෂ්‍යයාගෙන් කරුණු විමසීමේදී ශිෂ්‍යයා විසින් නියෝජ්‍ය විදුහල්පතිවරයාට අතින් පයින් පහරදී ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් එකේ කණුව අලංකදුර බුත්තල පදිංචි 18 හැවිරිදි පාසල් ශිෂ්‍යයා පොලිසිය මඟින් අත්අඩංගුවටගෙන තිබේ.

views

279 Views

Comments

arrow-up