මංගල දිනය කඳුලක් කල මිතුරා සහ රියදුරු කල හදියක් - අවසානයේ මනාල යුවලට අත්වූ ඉරණම
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

මංගල දිනය කඳුලක් කල මිතුරා සහ රියදුරු කල හදියක් - අවසානයේ මනාල යුවලට අත්වූ ඉරණම

මංගල දිනය කඳුලක් කල මිතුරා සහ රියදුරු කල හදියක් - අවසානයේ මනාල යුවලට අත්වූ ඉරණම

කඩුවෙල – මාලඹේ ප්‍රධාන මාර්ගයේ කඩුවෙල මහ නගර සභාව ඉදිරිපිටදී ඉකුත් 01 දා සවස මනාල යුවළක් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක හා යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරින් එම මනාල යුවළ බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි කඩුවෙල පොලිසිය පවසයි.

 

මෙම ඩිෆෙන්ඩර් රථය කුලී පදනම මත ලබාගත් එකක් බවත්, එය පැදවූ එම කුලී සේවාවේ රියදුරු හා ඔහුගේ මිතුරා බීමතින් සිට ඇති බවත්, රියැදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බවත් හෙළිවූ බව පොලිසිය කියයි.

 

අනතුරත් සමඟ ඩිෆෙන්ඩර් රථයේ පිටුපස දොර ඇරී මනාල යුවළ එළියට විසිවී වැටී ඇත.

 

එහිදී ඩිෆෙන්ඩර් රථයේ රියදුරු රථය පිටුපසට ගැනීමට යෑමේදී බිම වැටී සිටි මනාල යුවළ රථයට යටවී ඇති අතර රියදුරු නැවත රථය ඉදිරියට ගෙන හරවා වෙනත් මාර්ගයක් ඔස්සේ ඉදිරියට ගොස් රථය මහමග දමා රියදුරු හා ඔහුගේ මිතුරා පලා ගොස් තිබේ.

 

පසුව පොලිසිය සිදු කළ මෙහෙයුමකදී ඩිෆෙන්ඩර් රථයේ රියදුරු හා ඔහුගේ මිතුරා සුපිරි වෙළෙඳ සලක සැඟවී සිටියදී කොටු කරගෙන ඇත.

 

සැකකාර රියදුරු හා ඔහුගේ මිතුරා පෙරේදා (02) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 05 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් දෙදෙනා බීමත්ව සිට ඇත.

 

මනාල යුවළ සිය විවාහ මංගල්‍යය නෑ හිතමිතුරන් සමඟ සතුටින් සමරා එය අවසන්වීමෙන් පසු කුලී පදනම මත ලබාගත් ඩිෆෙන්ඩර් රථයෙන් මධුසමයට හෝටලය වෙත යමින් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇත.

 

සැකකාර රියැදුරු හා ඔහුගේ මිතුරා පෙරේදා (02) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

views

552 Views

Comments

arrow-up