අනියම් සැමියෙකුගේ පහරදීමක් නිසා වැඩ නැවතුණු රෝහල
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

අනියම් සැමියෙකුගේ පහරදීමක් නිසා වැඩ නැවතුණු රෝහල

අනියම් සැමියෙකුගේ පහරදීමක් නිසා වැඩ නැවතුණු රෝහල

අනියම් සැමියෙකු තම බිරියගේ දරු ගැබ ගබ්සා නොකළැයි කුරණෑගල රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කරගෙන අද 11 උදෑසන සිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සිය රාජකාරිවලින් ඉවත්ව තිබේ.



අදාළ පුද්ගලයාව අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් පොලිසියට විරෝධය පළ කිරීම සඳහා වෛද්‍යවරු අද දින  මහජනතාවගේ හදිසි ප්‍රතිකාර කටයුතු හැර සෙසු සියලුම ප්‍රතිකාර කටයුතුවලින් ඉවත්ව ඇත.

 

එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද තහවුරු කර තිබේ.



එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ, ප්‍රසව හා නාරි වේද අංශයේ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් පිරිසකට සිදු කරන ලද පහරදීමට සම්බන්ධ පුද්ගලයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොතිබීම හේතුවෙන් වර්ජනය ක්‍රියාත්මක බවය.


 මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවන්ට ලක්ව ඇති අතර පොලිසිය සමග ඇති කරගත යුතු ගැටලුව නිරාකරණය ජනතාව පිට පටවා පලිගෙන ඇතැයි රෝගීන් චෝදනා කර තිබේ.

views

337 Views

Comments

arrow-up