“එයා ක්ලැරන්ස්ගෙ කියපු ඔක්කොම සිංදු අයින් කරල ද තියෙන්නෙ?” නදීර නොනිස් දියණිය එක්ක ගැයූ රටම අහපු ගීතය රජිව් සෙබස්තියෙන්ගේ ඉල්ලීමෙන් ඉවතට (PHOTOS)

පසුගිය සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රසිද්ධ නාලිකාවක විකාශය වුණු විශේෂ අවුරුදු වැඩසටහනකට ලංකාවේ ජනප්‍රිය කලා තරු තමන්ගේ දියණිය හෝ පුතනුවන් එක්ක සහභාගි වුණා.
මේ මේ තරු සාජ්ජෙට සහභාගි වුණු පියෙක් සහ දියණියක් පසුගිය දිනවල සමාජ ජාලාවල ජනප්‍රිය වුණ. ඒ තමයි ජනප්‍රිය ගායක නදීර නෝනිස් සහ ඔහුගේ දියණිය මරියා නෝනිස්.
ඔවුන් දෙදෙනා ගායනා කළ ගායන ශිල්පී රජීව් සෙබෙස්තියන්ගේ එරබදු මල් පිපිලා ගීතය සමාජ ජාලා පුරාජනප්‍රිය වුණා වගේම නදීරගේ දියණියගේ ගායන හැකියාව ගැනත් හැමෝම කතාබහ කළා.
සමාජ ජාලා පුරා ජනප්‍රිය වුණු නදීර සහ ඔහුගේ දියණියගායනා කළ මේ ගීතය ගායන ශිල්පී රජීව් සෙබෙස්තියන් සමාජ ජාලාවලින් ඉවත් කරන ලෙස නදීර නෝනිස්ගෙන් ඉල්ලීමක් කරලා තිබුනා.
එම ඉල්ලීමට ගරු කොට තමා සහ දියණිය ගැයූ ඒ ගීතය නදීර සමාජ මාධ්‍යවලින් ඉවත් කළා.
මේ සම්බන්ධයෙන් නදීර ඔහුගේ ෆෙස්බුක් ගිණුමේ සටහනක් පළ කරලා තිබුනා. රජීව් සෙබෙස්තියන්ගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ ජාලාවල බොහෝ පිරිස් සිය විරෝධය පළ කර තිබුනා.
ඒ අතර ෆ්ලෑශ්බෑක් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදක නිරෝෂන් සංජීව ද අපූරු ප්‍රතිචාරයක් පළ කරලා තිබුනේ මෙහෙමයි.
”එයා ක්ලැරන්ස්ගෙ කියපූ ඔක්කොම සිංදු අයින් කරලද තියෙන්නෙ Youtube එකෙන් ?
ලමයෙක්ගෙ ඒකකැබඑ එකක් අගය කරන්නවත් දන්නෙ නැද්ද ?”
පහත දැක්වෙන්නේ නදීර පළ කළ ඒ සටහනයි.
”මම දුවත් එක්ක අවුරුදු වැඩසටහනේ ගායනා කල ගීතය Youtube වලින් අයින් කරන්න කියලා එහි අයිතිය තියෙන රජිව් සෙබස්තියන් මහත්මා ඉල්ලා සිටියා කලා කරුවෙකු විදියට තවත් කලාකරුවකුගේ ඉල්ලීම මා කැමැත්තෙන් සහා ඉතාමත් අදරයෙන් ගවුරවයෙන් පිලිගන්න අතර එම වීඩියෝව Youtube එකෙන් මේ මොහොතේ අයින් කරනවා. සිදුවූ අපහසු තාවයට සමාවෙන්න කලාකරුවානනි.
671 Views
Comments