දෙමාපියන්ට වැඩිහිටියන්ට වැදගත් පණිවිඩයක් දෙමින් සියල්ලන් හඬවා යන්නම ගිය පුංචි යසිත්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

දෙමාපියන්ට වැඩිහිටියන්ට වැදගත් පණිවිඩයක් දෙමින් සියල්ලන් හඬවා යන්නම ගිය පුංචි යසිත්

දෙමාපියන්ට වැඩිහිටියන්ට වැදගත් පණිවිඩයක් දෙමින් සියල්ලන් හඬවා යන්නම ගිය පුංචි යසිත්

තම නිවසේ දී අතින් බිම වැටුණු පැන්සලක් හෝ වෙනත් යමක් ශීතකරණය යටට යාමෙන් පසු එය ගැනීමට අත දැමූ 07 හැවිරිදි පාසල් දරුවකු විදුලි සැර වැදීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් දික්වැල්ල දන්දෙණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.


එසේ මරුමුවට පත් වූයේ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි හේවා ගමගේ යසිත් නකුල් යශෝධන නැමැති 07 හැවිරිදි දරුවෙක්.


ඔහුගේ අතේ තිබු පැන්සල හෝ වෙනත් යමක් බිමට වැටී එය ශීතකරණය යටට විසි වී ගොස් ඇත.


එය ගැනීමට දරුවා ශීතකරණය යටට අත දමා තිබෙන අතර එහි ඇලු‍මිනියම් පටිය ස්පර්ශ වු අවස්ථාවේ විදුලි සැර වැදී තිබේ. 


එම නිවසේ පැරණි විදුලි පද්ධතියක් පැවතීම නිසා විදුලි සැර වැදුණු අවස්ථාවේ නිවසේ විදුලිය විසන්ධි වීමක් සිදු වී නොමැති බවයි නිවෙස් හිමියන් පවසන්නේ.


කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස ජීවිතයට සමු දුන් පුංචි යසිත් ගේ අවසන් කටයුතු ඊයේ (26) දින සවස සිදු කෙරුණා.


එම දරුවාට පිං පතා මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ 02 ශ්‍රේණියේ දරුවන් ලබන බ්‍රහස්පතින්දා පුණ්‍යානූමෝනා පිංකමක් පැවැත්වීමට සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.


කෙසේ වෙතත් නිවෙස් වල ආරක්ෂිත විදුලි පද්ධතියක් ක්‍රියාත්මක වූයේ නම් පුංචි යසිත් ට මේ අවාසනාවන්ත මරණය අත් නොවීමට ඉඩ තිබූ අතර මෙවැනි පුංචි දරුවන් සිටින සෑම නිවසකම ආරක්ෂක විදුලි පද්ධතියක් මෙන්ම ස්වයංක්‍රීය ටිප් ස්වීචයේ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් සොයා බැලීම වැදගත්වේ.


ආදරණීය චූටි පුතාට නිවන් සුවය අත් වේවා!!.

views

716 Views

Comments

arrow-up