“හරිම කෙනා ලැබුණම ජීවිතේ ලේසියි, මගෙ ගෑනු ලමයා මට ගොඩක් උදව් කරනවා” - කයිසර් කයිස්

රැප් කලාවට ආදරය කරන බොහෝ දෙනෙක් ගොඩක් ආදරය කරන අපේ රටේ ජනප්‍රිය දක්ෂ රැප් ගායකයෙක් තමයි කයිසර් කයිස් කියන්නෙ’මීට වසර කිහිපයකට පමණ පෙර කලාවට එන ඔහු අද වන විට ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙක් බවට පත් වී හමාරයි.
පසුගිය දවසක එක්තරා සාකච්ඡාවකට පැමිණ ඔහු මේ විදිහට අදහස් දක්වා සිටියා.
“මගේ ගැහැණු ළමයා මට ගොඩක් උදව් උපකාර කරනවා. මට ෂෝ එකක් තිබුනත් හැම ෂෝ එකකටම, හැම ෂූට් එකකටම මගේ පස්සෙන් එයා එනවා. මගේ ළඟින්ම ඉඳලා මාව හැම වැඩකටම වගේ උනන්දු කරනවා.
කෙනෙක් ඉඳලා එහෙම කරනකොට ඔලුවට මාරම නිදහසක් තමයි දැනෙන්නෙ. මටනම් හිතෙන්නේ ජීවිතයට හරිම කෙනා ලැබුණම හරිම සතුටින් ජීවිතේ ඉස්සරහට යන්න ගොඩක් ලේසියි කියලා.”
ඉතින් ඔහු මේ විදිහට තමයි අදහස් දක්වලා තිබුණේ.
318 Views
Comments